කැබිනට් 48 යි. නියෝජ්‍ය / රාජ්‍ය 45 යි

Published in පුවත්
Wednesday, 02 September 2015 12:59

කැබිනට් ඇමැතිවරු 48කගෙනුත් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු 45කගෙනුත් යුක්ත ඇමති මණ්ඩලය පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමේ ආණ්ඩු පක්ෂයේ යෝජනවා ඊයේ (01) පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

එම යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර එහි දැක්වෙන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බැවින්, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සංඛ්‍යාව 48ක් නොඉක්මවිය යතු බවත්, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුගේ සංඛ්‍යාව 45ක් නොඉක්මවිය යුතු බවත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(4) ව්‍යවස්ථාව ප්‍රකාර පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබයි. යනුවෙනි.

ජාතික ආණ්ඩුවක ඇමැති මණ්ඩලයට පත් කරන සංඛ්‍යාව පාර්ලිමේන්තුවේ අනුමතයෙන් පත් කළ යුතු බවට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වන බැවින් එම අනුමතය ලබා ගැනීම සඳහා වන යෝජනාවක් හෙට (3) රැස්වෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර මේ සඳහා විවාදයක්ද හෙට පැවැත්වීමට නියමිතය.

එමෙන්ම ඇමැති මණ්ඩලයේ දිවුරුම් දීම 04 වන දින පෙරවරු 11ට ජනාධිපතිවරයා ඉදිරියේදී සිදුකිරීමට නියමිත බවත් වාර්තාවේ. එහිදී කැබිනට් ඇමැතිරවුරු 33ක් එජාපයෙන් පත් කෙරෙන බවත් දැන ගැනීමට ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us