මෙම පාතාල කල්ලියේ තවත් සගයකු වූ රුවන් නමැත්තා මීට දෙදිනකට පෙර කටුනායක ගුවන් තොටුපළ හරහා රටින් පැනගොස් ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මේ අනුව අනෙක් පාතාල ප්‍රබලයන් දෙදෙනා විදේශයකට පැන යැම වැළැක්‌වීමට සඳහා අවශ්‍ය පියවර ගැනීමට දැනටමත් ආරක්‍ෂක බුද්ධි නිලධාරීන් කටයුතු කර ඇතැයි පැවසේ.
බ්ලූමැන්ඩල් සිද්ධියේදී ආමි සම්පත් සහ සංඛ පැමිණි රථය ලෙස හඳුනා ගත් කුඩා මෝටර් රථය කුලී පදනම මත ලබාගෙන ඇත.
(දිවයින ඇසුරෙනි)