නයාට කියන වග නම්...!

Published in පුවත්
Friday, 07 August 2015 10:17

බොදු ජන පෙරමුණ මහ මැතිවරණයට තරග කරන්නේ අපිරිසිදු පුද්ගලයන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් 2025 වසරේ දී හෝ බිහි කර ගැනීමේ ගමනක් යාමේ අරමුණින් යැයි එහි ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමියන් අද (6) මාධ්‍ය සාකච්ඡාවක දී පැවසා ඇත. එ හිමියන් වැඩි දුරටත් පවසා ඇත්තේ, ‘යහපාලනය, මතට තිත, පිවිතුරු හෙටක්, සාධාරණ සමාජයක් ආදී සුන්දර වචන කියමින් බලයට ආ අය වර්තමානයේ දී රටේ දූෂණය හා භීෂණය වපුරමින් සිටිනවා. එකම පරිසක් පක්ෂ මාරු කරමින් දේශපාලනය කරනවා' යනුවෙනි.

බොදු ජන පෙරමුණේ සැබෑ ම අරමුණ මෙය නම් ඔවුන් මුලින් ම කළ යුතුව ඇත්තේ ගලගොඩ අත්තේ ඥානසාර නම් චීවරධාරියාව අදාල සංවිධානයෙන් ඉවත් කිරීමය. 'මතට තිත' වැනි කතා අදාලම නොවන ඔහු බීමතින් රිය පදවා පොලිස් නිලධාරීන්ට බැණවැදී උසාවියෙන් දඬුවම් ද ලැබූ අයෙකි. 'යහපාලනයක්' තබා සංඝ සමාජය තුළ රැකිය යුතු මූලික විනය හෝ රැකීමට අසමත් අයෙක් - අවම වශයෙන් එය රහසින් කිරීමට හෝ අසමත් - මූලික පුද්ගලයෙකු ලෙස තබාගත් කළ අදාල සංවිධානයේ අනිත් පුද්ගලයින්ට සිදුවන්නේ එක්කෝ ගල්පැලෙන බොරු සමාජය ඉදිරියේ දෙසා බෑමට හෝ නැතිනම් කටේ පිට්ටු හිරවූ ලෙසට ඔහේ ඉඳීමට ය.

අළුත්ගම ගිනි අවුළා මිනිස් ජීවිත තුනක් සහ කෝටි ගණනක දේපළ විනාශයක්ද, ජාතීන් අතර සංහිඳියාවට ඉතාම දරුණු තුවාලයක්ද, ජාත්‍යන්තරව ලංකාවට ම කළු පැල්ලමක් ද එක් කළා වූ එකී චීවර ධාරියා සමඟ 'අපිරිසිදු පුද්ගලයින්ගෙන් තොර පාර්ලිමේන්තුවක්' හැදීමට කතා වීම හිනා වී ඇඬෙන විහිළුවකි.

අනෙක් අතින් බොදු නාමය මුල් කරගෙන පක්ෂය පිහිටුවා විෂඝෝර සර්පයෙකු ලකුණ ලෙස තෝරාගනිමින් ම බො.ජ.පෙ පෙන්වා ඇත්තේ සුභ ලකුණක් නොවේ. නාගයා යනු ශ්‍රී ලංකාවේ සිටින මාරාන්තික විෂ සහිත සර්පයින් සර්පයින් 6 දෙනාගෙන් එකෙකි. බො. බ. සේ. ලෙස මෙතෙක් කාලයක් එම සංවිධානය කළේද ජාතිවාදය නම් මාරාන්තික විෂ සමාජ දේහය පුරා පැතිරවීමය. අනෙක් අතට නාගයා යනු කන් නොමැති උරගයෙකි. ඌ සංවේදී වන්නේ තරංගයන්ට පමණය. බො.බ.සේ. ද මෙතෙක් තමන්ට ආ චෝදනා වලට සිටියේ නෑසූ කන්වය. ඔවුන් ඉහළින් ආ තරංගයන්ට අනුව නැටවුණා පමණි. එය අහිකුණ්ටකයාගේ නයි නළාව දැක වටේට රැස්වූවන්ට පෙනේ පුප්පන නයෙක්ගේ ක්‍රියාවක් වැනිය.

නන්ද හිමි ඇතුළු පිරිසට රට වෙනුවෙන් යමක් කිරීමේ ම වුවමනාවක් තිබේ නම් කළ හැකි හොඳම තම තමන්ගේ විහාරස්ථානවලට වී ගමේ දායකයින්ගේ වැඩක් බලාගෙන හිඳීමය. 2025 හෝ පාර්ලිමේන්තුව පිරිසිදු කරගැනීම අනෙක් පක්ෂ වලින් කෙරුණත් නොකෙරුණත් සියල්ලට පෙර ශාසනය පිරිසිදු කරගනිමින් පාරාජිකා භික්ෂූන්ට එරෙහිව යමක් කිරීමට පෙළඹුනා නම් වටින්නේ ය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us