සෝමරත්නගේ පුටුව රවී ජයවර්ධනට

Published in පුවත්
Monday, 03 August 2015 13:32

සෝමරත්න දිසානායක මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරය රවි ජයවර්ධන මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

ඒ අනුව අදාළ පත්වීම ජනාධිපතිවරයා විසින් අද (03) සවස නිල වශයෙන් ලබාදෙනු ඇත.

වෘත්තියෙන් නීතිඥවරයෙකු වන රවී ජයවර්ධන මහතා කලක් හොරණ එජාප සංවිධායකවරයා වශයෙන් ක්‍රියා කළ අතර පසුව ඔහුට සංවිධායක ධූරය අහිමිවිය.

ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාධිධාරියකු හා එංගලන්තයේ ලැංකෂයර් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි.

මීට පෙරාතුව බන්ධනාගාර කොමසාරිස් ධූරයද හෙබවූ ඔහු නව රජය බලය ලබාගැනීමෙන් පසු රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම කාලීන වැඩසටහන් අංශයේ ප්‍රධානියා ලෙස පත්වීම් ලබා සේවයට එක්විය.

ඔහු මේවන විටත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු හා කාලීන වැඩසටහන් ප්‍රධානියා ලෙස කටයුතු කරනයි.කෙසේ වෙතත් රවී ජයවර්ධන මහතා හෙට සිට රූපවාහිනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us