එම ඒකකයට මේ දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 892 කි.
ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ නීතිවිරෝධි පෝස්ටර්, බැනර්, කටවුට් සම්බන්ධයෙන් වන පැමිණිලි වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 190 ක් බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.
මේ අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 350 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි පොලිසිය සිදු කළ වැටලීම් 123 කදී පුද්ගලයින් 304 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.පොලිස් මැතිවරණ පැමිණිලි ඒකකයට ලද පැමිණිලි 145 කට අදාළව පුද්ගලයින් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.