ඉතින් එහෙම ගිහිල්ලා මොකක් හරි ඇත්තටම කියනවානම් රස්සා කට්ටක් හම්බවුණාට පස්සේ මුළු ජීවිත කාලයම අර දේශපාලකයා වෙනුවෙන් කැප කරනවා. මේක බොහෝ කාලයක සිට ලංකාවේ දේශපාලනයේ පැවතෙන සම්ප‍්‍රදායක් බවට පත්වෙලා තියෙනවා. බොහෝ අය දේශපාලනය කරනවා කියලා කියන්නේ රස්සාවක් ගන්න මොකාට හරි කඬේ යන එකට.
ලංකාවේ සමස්ථ රාජ්‍ය සේවය ගත්තම සාමාන්‍යයෙන් ලක්ෂ 15ක් විතර වෙනවා. පෞද්ගලික අංශයේ ලක්ෂ 80 පමණ ඉන්නවා. මේ දින වල මම දැක්කා රැුකියා විරහිත උපාධිධාරීන් සමාජ ජාල වෙබ් අඩවිවල දාල තිබ්බා, සියලූ රැුකියා විරහිත උපාධිධාරීන්ගේම ඡුන්දය ඕන නම් රස්සා දෙන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන කියලා.
ඇත්තටම ඒකේ තිබ්බේ අභියෝගයක් කරලා, ඒක හොඳයි. හැබැයි අපි කියනවා ඒක වඩා හොඳ වෙන්න නම් කරන්න තියෙන්නේ එක දෙයයි. සටන් කරන එක. ඒ නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විධියට අපි ඒ අයට උත්තරයක් දෙනවා. ඔබ එක්ව සටන් කරන්න, අප ඒ සඳහා සහය වෙනවා. එක්ව සටන් කරනවා නම් දිනන්න පුළුවන්.
දැන් පහුගිය ආණ්ඩුව වගේම මේ තියෙන හවුල් ආණ්ඩුවෙනුත් ඔබලාට ලැබුනේ පොලිසියෙන් බැටන්පොලූ පාර අපි දැක්ක ඒක බස්නාහිර පලාත් සභාව ඉස්සරහදී. ඒ නිසා වෙනසක් ඕන නම් කරන්න තියෙන්නේ සටන් කරන එක.
අපි කියනවා. දැන් ඔය එක එක මහත්වරු පඩි වැඩි වීම් ගැන කතා කරනවා. රජයේ සේවකයන්ට එල්ලපු දීමනාවක් ලැබුණා. හැමෝම කිව්වා පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩිවීමක් දෙන්න කියලා. ඒක බොහෝම අවශ්‍ය දෙයක්, හැමෝම ඉතා ඉහළින් පිළිගත්ත දෙයක්. හැබැයි මොකද වුනේ. හැමදාම සිදු වෙන දේ තමයි උනේ. ඒක අද වෙන කොට මැතිවරණ පොරොන්දුවක් වෙලා.
ඒ නිසා අපි කියනවා රැුවටෙන්න එපා. එක එකාට ප‍්‍රශ්න විසඳන්න කොන්ත‍්‍රාත් දෙන්න එපා. අපි කියන්නේ එක්වෙමු. සංවිධානය වෙමු. සටන් කරමු. දිනන්න පුළුවන්. මේකට උදාහරණ ඕන නම් හැරෙන්න මෑත ඉතිහාසයේ ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය පැත්තට. ළඟම උදාහරණය විවෘත විශ්වවිද්‍යාලයේ අරගලය. ඒ අරගලවලින් ඉගෙනන්න කියලා අපි ලංකාවේ ජනතාවට කියනවා. අපි වමේ බලයක් හදන්න ඕන කියන්නේ ඒකට. ඒක හැදෙන්නේ මාධ්‍ය සංදර්ශන වලින් නෙවෙයි. මහපොළොවේ අරගලය ඇතුලේ.