පොලිස් ප්රකාශක ජේ්යෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, ඊයේ (01) රාත්රියේ තුන්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
මියගිය පුද්ගලයාගේ කොණ්ඩය කපමින් සිටිය දී යතුරු පැදියකින් ආ පුද්ගලයින් වෙඩි තබා පලාගොස් ඇති අතර තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මියගිය අය මත්කුඩු ජාවාරමට සම්බන්ධ වූවකු ද යන්න ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි .