මෙම ගුරුවරිය දණගැස්වීමට සම්බන්ධ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්රීවරයා අධිකරණ තීන්දුවක් මතින් වරදකරු වූ අතර මොහුගේ මන්ත්රී ධූරයද මොහුට අහිමිවුනි.
මෙවැනි වාතාවරණයක් තුල එම සිදුවීමට අදාල සාක්ෂිදුන් පුඤ්ඤසෝම නමැති පාසල අසල නිවසක සිටින පුද්ගලයාගේ මළ සිරුර මෙසේ ළිඳක් තුලින් හමුවීම සැකයට භාජනය වන බවත් එබැවින් මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා වහා රටට කරුණු එළිදරව් කළ යුතු බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප්රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.