මීගලෑවෙන් පැහැරගැනුණු දරුවා සොයා ගැනේ

Published in පුවත්
Saturday, 02 August 2014 08:11

ගල්ගමුව, මීගලෑවේ නිවසකින් පසුගිය සඳුදා නාදුනන කණ්ඩායමක් විසින් පැහැරගෙන ගිය සිව් හැවිරිදි දමිඳු යශේන් ඒකනායක දරුවා රහස් පොලිසිය විසින් කල විශේෂ මෙහෙයුමකින් සොයාගෙන තිබේ.

ගල්ගමුව ඇඹෝගම ප‍්‍රදේශයේදී මෙම දරුවා සොයාගෙන ඇති අතර දරුවාට කිසිදු හිරිහැරයක් සිදුව නැති බවත් සිද්ධියේ සැකකරුවන් හඳුනා ගත් බවත් පොලීසිය සඳහන් කරයි.

දරුවා පැහැරගෙන ගිය අය අතර දරුවාගේ පියාගේ ඥාතියෙකුද සිටින අතර සිද්ධියට සම්බන්ධ සියල්ලන් පොලිස් අත්අඩංගුවට පත්ව සිටී.

දරුවා පැහැරගෙන ගොස් ගල්ගුහාවක රඳවා තුන් වේලටම කෑම සඳහා ලබාදී ඇත්තේ නූඞ්ල්ස් බවද හෙළි වී ඇත.

ඉකුත් 28 වැනිදා රාත්‍රි 7.30 ට පමණ යතුරුපැදි දෙකකින් පැමිණි නාඳුනන පිරිසක්‌ විසින් නිවසේ සිටි සිව් හැවිරිදි දරුවා පැහැරගෙන ගොස්‌ තිබුණේ මවට සහ පියාටද පහරදී තුවාල සිදු කරමිනි.

අදාළ පැහැරගැනීම සිදුකළ බව කියන පුද්ගලයින් 4 දෙනාද එහිදී අත්අඩංගුවට ගැනුණු බව පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේය.

" දැනට දින 4 කට පෙර පැහැරගෙන යන ලද දරුවා මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබෙනවා... ඊට අදාල සැකකරුවන් 4ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා... දරුවා රැගෙන ගෙස්  තිබුණේ රුපියල් කෝටියක මුදලක් ලබාගැනීම සදහා....

 කෙසේ වෙතත් අදාලා සැකකරුවන් සෙයා ගැනීමටත් යතුරුපැදි දෙක සෙයා ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ලැබුණා... තව දුරටත් පරීක්ෂන පැවැත්වෙනවා...

 
දරුවාගේ සීයා එනම් මවගේ පියා එම ප‍්‍රදේශයේ ධනවත් පුද්ගලයෙක්... ඔහුගෙන් මෙම කප්ප මුදල ලබා ගැනීමට මෙය සිදුකර තිබෙන්නේ... සැකකරුවන් එම ප‍්‍රදේශවලම පදිංචි කරුවන්...  " යයි ද පොලිස් ප්‍රකාශකවරයා පැවසිය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us