දේශීය ආදායමේ මුල් පුටුව කෙනෙක් නැහැ !

Published in පුවත්
Friday, 01 August 2014 14:41

දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් ධුරයේ කටයුතු කල මල්ලිකා සමරසේකර මහත්මිය පසු ගිය 28දා  විශ්‍රාම ගත් අතර,  ඊට අනුප්‍රප්තිකයකු මෙතෙක් පත් කර නොමැතිවීම නිසා  ආයතනයේ බරපතල අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තාවේ. 

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කිරීම ප‍්‍රමාදවීම නිසා රාජකාරී කටයුතු රැසක් අඩාල වී ඇතැයි වෘත්තීය සමිති චෝදනා කරති.

දේශීය ආදායම් පොදු සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් අජිත් ගල්හේන මහතා ප‍්‍රකාශ කළේ රටේ බදු ආදායමට ප‍්‍රධාන වශයෙන් දායක වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කිරීමට  ඕනෑ තරම් අවස්ථාව තිබියදී බලධාරීන් එය මග හරින බවයි.

 '' සමස්ත ආදායමෙන් විශාල කොටසක් එකතු කරන දෙපාර්තමේන්තුවක් ගත්තහම නායකයෙක් ප‍්‍රධානියෙක් නොමැතිව කටයුතු කරනවා කියන එක ඒ තරම් හොඳ තත්ත්වයක් නොවෙයි. ඒ නිසා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අදාළ නිලධාරින් විශ‍්‍රාම යන විට ඒ වෙනුවෙන් ඊළඟ අනුප‍්‍රාප්තිකයා කල් ඇතිව පත් කිරීමට හොඳටම ඉඩකඩ තිබෙනවා. ඒ ඉඩකඩ පාවිච්චි කරලා මෙවැනි ආයතන අයාලේ යන්න නොදී අදාළ බලධාරීන් ඒ ආයතනය මෙහෙයවන ප‍්‍රධානියාව, නායකයාව පත් කිරීමට කටයුතු කරන්න  ඕනි කියන එකයි අපේ අදහස. එහෙත් මේ වන තෙක් එවැනි දෙයක් සිදුවෙලා නැහැ.'' යයි ඔහු පැවසිය.  

සබැඳි පුවත් 
දේශීය ආදායම් මහ පුටුවට යුද්ධයක් ! 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us