වයස්ගත පුද්ගලයන් රැකබලාගැනීමට ඩිප්ලෝමා පාඨමාලාවක්

Published in පුවත්
Friday, 01 August 2014 14:30
ශ්‍රී ලංකාවේ වයස්ගත පුද්ගලයන්ට නොසැලකීමේ සිද්ධි සම්බන්ධව ලැබෙන පැමිණිලි ප්‍රමාණයේ ඉහල යාමක් ඇතැයි නවතම වාර්තා වලට අනුව කියවේ. මෙයට පිළියමක් වශයෙන් ජාතික සමාජ සංවර්ධන ආයතනය මගින් වයස්ගත පුද්ගලයන් රැකබලාගැනීම සම්බන්ධව ඩිප්ලෝමා පාඨමාලාවක් ඇරඹීමට තීරණය කර ඇත.
  මෙහි අධ්‍යක්ෂ ජනරාල් රිද්ලේ ජයසිංහ මහතා ප්‍රකාශ කළේ මෙම පාඨමාලාව ආරම්භ කිරීම මගින් තරුණ පරපුරට වයස් ගත පුද්ගලයන් රැක බලාගැනීම වෘත්තිමය තත්වයක් බවට පත්වනු ඇති බවයි. 
 
සමාජ සේවා හා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුවින්ද සිංගප්පුලි මහතා ප්‍රකාශ කලේ එවැනි ආකාරයේ රැකියා වලට ඉහල ඉල්ලුමක් පවතින බවයි . එන්මෙන්ම ඔවුන්ගේ වාර්තා වලට අනුව දරුවන් විසින් දේපළ පවරාගැනීමෙන් අනතුරුව අතහැර දමන ලද වැඩිහිටි පුද්ගලයන් සම්බන්ධව පැමිණිලි 200 පමණ වාර්තා වී ඇත. 
 
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ මේ අවුරුද්දේ මුල් මාස හය තුල පමණක් තම දෙපාර්තමේන්තුවට එවැනි සිදුවීම් 150ක් පමණ වාර්තා වූ බවයි. 
එමෙන්ම සමජ සේවා හා සංවර්ධන දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ වෙසෙන ජනගහනයෙන් 16% ක් වයස අවුරුදු 60 වැඩි බවයි පැවසෙන්නේ. එමෙන්ම මෙම ප්‍රමාණය 2030 වනවිට 22% දක්වා වර්ධනය වනු ඇති බවයි දැනට ගණන් බලා තිබෙන්නේ. 
 
මේ පිලිබඳ අදහස දැක්වූ සමාජ සේවා හා සමාජ සංවර්ධන අමාත්‍ය ෆීලික්ස් පෙරේරා පැවසුවේ වයස්ගත පුද්ගලයන් රැක බලාගැනීම පිලිබනද සිය අවධානය ඉක්මනින් යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි. ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේ 2030 වන විට ශ්‍රී ලංකාවේ වෙසෙන මිනිසුන්ගෙන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් වයස අවුරුදු 60ට වැඩි වනු ඇති බවයි. එය අනිකුත් ආසියානු රටවල් වලට සාපේක්ෂව වැඩි අනුපාතයක් බවයි පැවසෙන්නේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us