අද සිට ලංකාඩේලි වෙතින් ලෝක ඉතිහාසයෙන් බිඳක්

Published in පුවත්
Friday, 01 August 2014 13:22
ලෝක ඉතිහාසය කියන්නෙ විවිධ සිදුවීම් වලින් පිරුණ කියවල ඉවරකරගන්න බැරි වුණ පොතක් වගේ. 
කොයිතරම් නම් දේවල් මේ ඉතිහාස පොතේ සැඟවිල තියනවද. කතාවක් තියනවනේ ඉතිහාසය අමතක කරන්නාට හොද වර්තමානයකුත් නෑ කියල. 
 
ඉතින් අපිත් හිතුව මේ ඉතිහාස පොතේ තියන දේවල් පොඩ්ඩක් හාරාඅවුස්සල බලන්න. අපේ අනිත් අරමුණ තමයි පාසල් යන නංගිලා මල්ලිලට , ඉතිහාසය ගැන හදාරන කොල්ලො කෙල්ලන්ට යම් දැනුමක් ලබාදීම. 
 
ලොකු දැනුමක් නැතත් පොඩි පොඩි සිදුවීම් ප්‍රමාණයක් හරි පල කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ අතින් යම් යම් මග ඇරීම් අතපසු වීම් වුනොත් ඒ බව අපිට දන්වන්නත් ඔබට පුළුවන්.
  
ක්‍රි.පූ. 30 - ඔගස්ටස් විසින් ඇලෙක්සැන්ඩ්‍රියාව රෝම සමූහාණ්ඩුවට ඈඳා ගැනීම
 
1498 - අද වෙනීසියුලාව ලෙස හැඳින්වෙන ප්‍රදේශයට ප්‍රථම යුරෝපීයයා ලෙස ක්‍රිස්ටෝපර් කොළොම්බස් පැමිණීම
 
1774 - බ්‍රිතාන්‍ය විද්‍යාඥ ජෝශප් ප්‍රෙස්ලි විසින් ඔක්සිජන් වායුව සොයා ගැනීම
 
1800 - මහා බ්‍රිතාන්‍ය හා අයර්ලන්තය එක්ව මහා බ්‍රිතාන්‍ය හා අයර්ලන්ත එක්සත් රාජධානිය බිහි වීම
 
1831 - නව ලන්ඩන් පාලම විවෘත කිරීම
 
1838 - බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය තුල වහල් ක්‍රමය අහෝසි කිරීමේ පනත බලාත්මක කිරීම
 
1876 - කොළරාඩෝව ඇමරිකා එක්සත් ජනපදයේ 38 වන ප්‍රාන්තය ලෙස පිළිගැනීම
 
1894 - චීනය සහ ජපානය අතර ප්‍රථම කොරියානු යුද්ධය ඇති වීම
 
1907 - පළමු බාලදක්ෂ කඳවුර බ්‍රවුන්සියා දිවයිනෙහි පවත්වමින් බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කිරීම
 
1914 - පළමු ලෝක යුද්ධයේදී ජර්මානු අධිරාජ්‍ය විසින් රුසියානු අධිරාජ්‍යයට එරෙහිව යුධ ප්‍රකාශ කිරීම
 
1927 - කුවෝමිංතානය හා චීන කොමියුනිස්ට් පක්ෂය අතර චීන සිවිල් යුද්ධයේ ආරම්භය සනිටුහන් කරමින් නැංග්චැන්ග් කැරැල්ල ආරම්භ වීම. මෙම දිනය මහජන විමුක්ති හමුදාව බිහිවීමේ දිනය ලෙස සමරනු ලැබේ.
 
1944 - දෙවෙනි ලෝක යුද්ධයේ දී පෝලන්ත ස්වදේශීය සටන්කාමීන් විසින් ජර්මානු නාසි හමුදාවන්ට එරෙහිව වෝසෝ කැරැල්ල ආරම්භ කිරීම 
 
1946 - දෙවෙනි ලෝක යුද්ධයේදී නාසි ජර්මන් හමුදා සමඟ සහයෝගීව කටයුතු කළ රුසියානු විමුක්ති හමුදාවේ නායකයින්ට රාජ්‍යද්‍රෝහී චෝදනාවන්ට දඬුවම් ලෙස මොස්කව්හිදී මරණීය දණ්ඩනයට ලක් කිරීම
 
1957 - ඇමරිකා එක්සත් ජනපදය හා කැනඩාව එක්ව උතුරු අමෙරිකානු වායුගෝලීය ආරක්ෂණය සඳහා  North American Aerospace Defense Command (NORAD). බිහි කිරීම 
 
1960 - දකුණු අප්‍රිකාවේ දහෝමේ හෙවත් පසුව බෙනින් රාජ්‍යය ප්‍රංශ අධිරාජ්‍යයෙන් නිදහස් වීම
 
1960 - පාකිස්තානයේ අගනුවර ලෙස ඉස්ලාමාබාද් නගරය ප්‍රකාශයට පත් කිරීම
 
1961 - ඇමරිකානු ආරක්ෂක ලේකම් රොබට් මැක්නමාරා විසින් ප්‍රථම මධ්‍යගත හමුදා ඔත්තුසේවය  ලෙස ආරක්ෂක බුද්ධි තොරතුරු කාර්යාංශය  Defense Intelligence Agency (DIA) පිහිටුවීම.
 
1964 - බෙල්ජියම් කොංගෝව ප්‍රජාතාන්ත්‍රික කොංගෝ ජනරජය ලෙස නම් කිරීම 
 
1966 - චීන සංස්කෘතික විප්ලවය ආරම්භය 
 
1974 - එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සයිප්‍රසය කොටස් දෙකකට වෙන් කරමින් 'කොළ තීරය' පිහිටුවීම
 
1975 - යුරෝපීය ආරක්ෂක හා සහයෝගීතා සංවිධානය බිහිවීම  Organization for Security and Co-operation in Europe (OSCE) 

 

Last modified on Friday, 01 August 2014 13:50

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us