දරුවන්ට දිය බිඳක් පොවන්න අම්මා අඩි 30ක ළිඳට බහියි

Published in පුවත්
Friday, 01 August 2014 13:35

මැදිරිගිරිය බිසෝබණ්ඩාරගම මවක් සිය දරුවන් තිදෙනාගේ පිපාසය සංසිඳවීමට ජීවිතය පරදුවට තබා කඹයක් ආධාරයෙන් අඩි 30කටත් වඩා ගැඹුරු ළිඳකට බැසීමේ සිද්ධියක් වාර්තාවේ.

මෙලෙස ජලය වෙනුවෙන් මාරාන්තික සටනක යෙදී ඇත්තේ වයි.ජී. නිලූෂා නැමැති 33 හැවිරිදි කාන්තාවකි.

දරු තිදෙනා පාසල් යාවා තමා මේ ළිඳට කඹය ආධාරයෙන් බහින බවත්, නැවත දහවලේ ඉන් ගොඩව දරුවන්ට කන්න යමකි පිළිසකර කර දී නැවතත් ළිඳ හෑරීම සිදු කරන බවත් ඇය කීවාය.

''දරුවො පිපාසෙන් මුදවලා මැරුණත් කමක් නැහැ....''

තම ස්වාමියා කුලී වැඩ කරන්නෙක් බවත්, ඔහු නැවත නිවසට පැමිණි පසු ළිදේ උනා තිබෙන වතුර ඇබින්ද ගොඩට ගෙන දරුවන්ගේ පිපාසය නිවීම සිදු කරන බවද ඇය පැවසුවාය.

ඇය මෙසේද කීවාය.

''වතුර සල්ලිදීල ගන්න තියා කන්නෙත් බොහොම අමාරුවෙන්. එහෙම කියල නිකං ඉන්න බැහැ නෙ.
දරුවො මැරිල යයි. මොනව කරන්ද ? මේ ලෝකෙ වතුර නැතුව ජීවත් වෙන්න කාටවත් බෑ. එහෙම එකේ වතුර නැතුව ළමයින්ට දුක් දෙන්නත් බැහැ. අපේ කාලෙ ඉවරයි. දරුවො පිපාසෙන් මුදවලා මැරුණත් කමක් නැහැ....''

නියඟයෙන් පවුල් එක්ලක්ෂ පනස් දහසක් අනාථයි

දිස්ත්‍රික්ක දොළහකට අධික ප්‍රමාණයකට බලපා ඇති නියං තත්ත්වය නිසා පවුල් එක්ලක්ෂ පනස්  දහසකට අධික ප්‍රමාණයක් පීඩාවට ලක්ව තිබෙන බව වාර්තා වේ.

මීට අමතරව කුඹුරු අක්කර ලක්ෂයකට අධික ප්‍රමාණයක් මේ වනවිට සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබෙන බවද වාර්තා වේ. 

පවතින නියං තත්ත්වය පිළිබඳව රජය මැදිහත්ව විධිමත් සංගණයක් සිදුකර තිබෙන්නේ පොළොන්නරු දිස්ත්‍රික්කය තුළ පමණක් වන අතර, එම සමීක්ෂණයට අනුව ඊයේ (31) දහවල් 12.00 පමණ වනවිට පවුල් 41566 කට අයත් පුද්ගලයන් 132 377 දෙනෙකු පීඩාවට පත්ව තිබෙන බව සොයාගෙන තිබේ. 

JALAYA  SOYA   2

JALAYA  SOYA     3

JALAYA  SOYA     4

JALAYA  SOYA     6

JALAYA  SOYA     8

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us