රනිල්, අනුරට දොස් කියලා

Published in පුවත්
Friday, 01 August 2014 12:43
ඌව පළාතේ ප්‍රචාරක වැඩපිළවලට සහභාගී වීම සඳහා ජනතා විමුක්ති පෙරමු‍ණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය සඳුදා රත්නපුර හොරණ මාර්ගයේ ගමන් ගනිමින් සිටියදී හදිසි අනතුරකට මුහුණ දුන්නේය. එම අවස්ථාවේදී රථයේ ගමන් ගත් ආරක්ෂක නිලධාරියා සිද්ධිය පැලවත්තේ පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයට එසැණින් දැනුම් දුන්නේය.
 කොළඹ සිට ජවිපෙ ක්‍රියාකාරීන් රත්නපුරයට ගියේ යුහුසුළුවය. රත්නපුර රෝහලට ඇතුළත් කර පසුව දිසානායක මහතා කොළඹ ජාතික රෝහලට මාරු කර එවීය. වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය නායකයාගේ තත්ත්වය පිළිබඳ දිගින් දිගටම වෛද්‍යවරුන්ගෙන් විමසූ අතර එය පක්ෂයටද දැනුම් දීමට වගබලා ගත්තේය.
 
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජයන්ත කැටගොඩ, තිලංග සුමතිපාල, ඇතුළු දේශපාලනඥයන් වැළ නොකැඩී අනතුරට පත් ජවිපෙ නායකයා බැලීමට ජාතික රෝහලට පැමිණියහ. කොහොමද දැන් තත්ත්වය යැයි වික්‍රමසිංහ මහතා දිසානායක මහතාගේ සුරත අල්ලමින් ඇසීය. දැන් නම් ටිකක් හොදයි.
 
වාහනය ඉස්සර කරන්න ගියා. වැරැද්ද අපේ යැයි අනුර කුමාර බිදුණු හඬින් කීවේය. මොන ප්‍රශ්න තිබුණත් අපි හැම වෙලාවෙම විමසිලිමත් වෙන්න ඕන. රියදුරා පිට වගකීම බාරදීලා ඉන්න හොඳ නැහැ. රියදුරා ගැනත් විමසිල්ලෙන් ඉන්න ඕනැ යැයි වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us