ගෘහස්ථ හිංසනය ගර්භණී කාන්තාවන් මිය යෑමට එක් හේතුවක්

Published in පුවත්
Friday, 26 June 2015 11:49

ශ්‍රී ලංකාවේ ගර්භණී කාන්තාවන් මියයාම සලකා බලන විට මියයන සමස්ථ ගර්භණීන්ගෙන් තුනෙන් එකක් පමණ ගෘහස්ථ හිංසනය නිසා මිය යන බව මහනුවර රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සර්ධා හේමප්‍රිය පැවසීය.

ස්ත්‍රී, පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ඊයේ (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

රෝග නිසා මියයන ගර්භිණී කාන්තාවන් වගේම එයින් 1/3 ක් පමණ ගර්භිණී කාන්තාවන් හිංසනය නිසා මිය යන බවත්, නමුත් ගර්භිණී නොවන කාන්තාවන් හිංසනය නිසා කොපමණ මිය යනවා ඇත්ද? සියදිවි නසාගන්නවා ඇත්ද? යන්න වාර්තා නොවන බවත් පවසා සිටියේය.

ලෝක පුරා ගෘහස්ථ හිංසනය හා ලිංගික හිංසනය වැඩි වීම කෙරෙහි අන්තර්ජාලය ප්‍රධාන හේතුවක් වී ඇති බවත් නවතම සමීක්ෂණ අනුව ලොව අසැබි වෙබ් අඩවි මිලියන 4.2 ක් පවතින බවත් පැවසුවේය. එය සමස්ත වෙබ් අඩවි ගණනින් 12%ක අගයක් ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් ස්ත්‍රී, පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය වැළැක්වීම සඳහා නිර්මාණය කළ සමනල පාලම කෙටි වාර්තා චිත්‍රපටය එළිදැක්වීමද සිදුවූයේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us