අභයාරාම කුමන්ත්‍රණකරුවන්ට වෙන්නේ එළුවා පස්‌සේ ගිය නරියට වෙච්ච දේ-එස්‌.බී. නාවින්න

Published in පුවත්
Saturday, 20 June 2015 07:36

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ආදරයක්‌ තිබේනම් දැන් කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විනාශ කරන්නට අභයාරාම කුමන්ත්‍රණ කරුවන්ට නායකත්වය නොදී දේශපාලන වශයෙන් විශ්‍රාම ගෙන පක්‍ෂය දිනවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ලබාදීම බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ භාණ්‌ඩාගාරික කම්කරු ඇමැති එස්‌.බී. නාවින්න මහතා පැවැසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඇමැතිවරයා,

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත්, පක්‍ෂයට ලැදි පාක්‌ෂිකයනුත් කිසි අඩුවක්‌ නැතුව පක්‍ෂයේත්, රටේත් ඉහළම පුටුවට යන්න දිවි හිමියෙන් කැපවී කටයුතු කර තිබෙනවා. ජනවාරි අට වැනිදා පරාජයට පත්වුණ ශ්‍රී ලකා නිදහස්‌ පක්‍ෂය යළි ශක්‌තිමත් කොට ජයග්‍රහණය කරා රැගෙන යැමට හැකියාව තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විතරයි. ඒ සඳහා පක්‍ෂයට ආදරය කරන සියලුම දෙනා එතුමාට සහාය දිය යුතුයි.

අභයාරාම කුමන්ත්‍ර ණකරුවන් උත්සාහ කරන්නේ පක්‍ෂය කෑලි කෑලිවලට කඩලා එක්‌සත් ජාතික පක්‍ෂයේ උවමනා එපාකම් ඉටුකිරීමයි. නමුත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විනාශ කරන්න අපි කාටවත් ඉඩ දෙන්නෙ නැහැ. අපි අනිවාර්යෙන්ම ඉදිරි මහා මැතිවරණය ජයග්‍රහණය කරලා මෛත්‍රී යුගයක්‌ අපි ඇතිකරනවා. අභයාරාම කුමන්ත්‍රණකරුවන්ට වෙන්නේ එළුවා පස්‌සේ ගිය නරියට වෙච්ච දේ යෑයි ද ඇමැතිවරයා පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us