20 හකුළා නොගත්තොත් විරෝධතා අරඹනවා- රවුෆ් හකීම්

Published in පුවත්
Saturday, 20 June 2015 05:27

20 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ඇතුළත් ගැසට්‌ පත්‍රය වහා අකුලා නොගතහොත් පාර්ලිමේන්තුව තුළදී මෙන්ම පිටතදී ද විරෝධතා පළ කරන බව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ නායක ඇමැති රාවුෆ් හකීම් මහතා ඊයේ (19) මහනුවරදී පැවැසීය.

මහනුවර නගර සංවර්ධන සැලැස්‌ම සකස්‌ කිරීම පිළිබඳ මහනුවර රැජින හෝටලයේදී පැවැති වැඩමුළුවකට සහභාගි වූ ඇමැතිවරයා මාධ්‍ය අමතමින් මේ බව කීවේය.

20 සංශෝධනය ඇතුළත් ගැසට්‌ නිවේදනය අනුව මේ රටේ සුළු පක්‍ෂ හා කණ්‌ඩායම්වලට බලවත් අසාධාරණයක්‌ සිදුවන බව රාවුෆ් හකීම් මහතා කීවේය.

20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මුලින් සාකච්ඡාකර එකඟතාවකට පත්වූ කරුණුවලට පටහැනිව ගැසට්‌ පත්‍රයේ කරුණු ඇතුළත් කර තිබෙන බව ඔහු පැවැසීය.

ගැසට්‌ පත්‍රයේ පළකර තිබෙන ආකාරයට 20 වැනි සංශෝධනය ඉදිරිපත් කළහොත් තුනෙන් දෙකකින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට හැකිවන්නේ නැතැයි ද ඇමැති රාවුෆ් හකීම් මහතා අවධාරණය කළේය.

20 වැනි සංශෝධනය මේ ආකාරයෙන් සම්මත වුවහොත් සුළු ජන කොටස්‌වලටත් සුළු දේශපාලන පක්‍ෂවලටත් කිසිම තැනක්‌ හිමිවන්නේ නැති බැවින් ජනතා විමුක්‌ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය, කම්කරු ජාතික සංගමය, කඳුරට ජනතා පෙරමුණ ඇතුළු පක්‍ෂ රාශියක්‌ 20 වැනි සංශෝධනයට විරුද්ධ බවද හෙතෙම පැවැසීය.

දිවයින

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us