කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ සිද්ධියට අදාළ ඩී.එන්.ඒ පරීක්ෂණ වාර්තා තවමත් ලැබී නොමැති බවය.
ඝාතනය සඳහා යොදාගත් බවට සැක කෙරෙන ත්රීරෝද රථය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට තීරණය කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේය.
සිද්ධියට අදාළ පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙන බවට පොලීසිය සිදුකළ කරුණු දැක්වීම සැලකිල්ලට ගෙන සැකකරුවන් ජූලි 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.