ශ්‍රි ලනීප 6 පුද්ගල කමි‍ටුව අඬන මහින්දගේ කටට ගහපු සූප්පුවක්

Published in පුවත්
Thursday, 18 June 2015 06:38

හිටපු ජනාධිපතිවරයාගේ සහය ශ්‍රී ලනීපයට ලබා ගැනීම සඳහා පෙරේදා පත් කර ගන්නා ලද 6 පුද්ගල කමි‍ටුව විසින් පැය කිහිපයක් තුල එම ගැටලුවට පහසු උත්තරයක් සොයාගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලනීපයේ අගමැති අපෙක්ෂකයා ලෙස හිටපු ජනාධිපතිවරයා පත් කළ යුතුය. එවිට ප්‍රශ්නය අවසන් වන බවත් ශ්‍රී ලනීපයට ආණ්ඩුවක් පිහිටවිය හැකි බවත් ඔවුන් පවසයි.

ඊට අදාළ යෝජනාව ඊයේ (17) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කොට ජනාධිපතිවරයා සමග ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබුණි. නමුත් ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මෙම කමි‍ටු සාමාජිකයන් දෙදෙනකු වන සුසිල් ප්‍රේමජයන්ත අනුර යාපා දිසානයක විසින් පැවැසූවේ අගමැති අපෙක්ෂකයා වෙන්නේ විපක්ෂ නායක නිමල් සිරිපාල බවය.

මේ අතර රාජපක්ෂවාදී කණ්ඩායමේ ආරංචි මාර්ග පවසන්නේ කිසිසේත්ම මහින්ද රාජපක්ෂට අගමැති අපේක්ෂක ධුරය නොලැබෙන බවට ජනාධිපති සිරිසේන මහතා වෙතින් ස්ථිර පණිවිඩයක් තමන් වෙත ලැබුණු බවය.

කෙසේ නමුත් මෙයින් පැහැදිලි වන්නේ අන්ත අසරණ මහින්ද රාජපක්ෂගේ කැකෝ ගැසීම් පාලනය කිරීම සඳහා මෙම කමි‍ටුව පත් කර ඇති බවය.

ශ්‍රීලනිප ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිප මහ ‍ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රීලනිප ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝන් සෙනෙවිරත්න, ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා, ශ්‍රීලනිපයේ උප සභාපති කුමාර වෙල්ගම, ටී.බි. ඒකනායක මන්ත්‍රීවරු මෙම කමිටුවට අයත්ය.

Last modified on Thursday, 18 June 2015 07:32

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us