මංගලගේ වැඩ නිසා දෙමළ ඩයස්පෝරා ගැ‍ටුම තවත් දික් ගැහෙයි

Published in පුවත්
Wednesday, 17 June 2015 22:06

විදේශ ඇමැති මංගල සමරවීර මහතා ප්‍රමුඛ කණ්ඩායමක් පසුගියදා දෙමල ඩයස්පෝරාව සමඟ කළ සාකච්ඡාවෙන් පසුව ඩයස්පෝරා කණ්ඩායම් අතර ගැ‍ටුම් වර්ධනය වී ඇති බව සඳහන් කළේය. දැඩි එල්ටීටීඊ හිතවාදී කණ්ඩායම් හා ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන කණ්ඩායම් මෙන්ම ව්‍යාජ ජාතිවාදී වෙස් මුහුණු පැළඳගෙන සිටින කණ්ඩායම් අතර මේවන විට උග්‍ර වී ඇති ගැ‍ටුම් දෙමළ මාධ්‍යන් අතර ද දැඩි කතා බහටද ලක්ව තිබේ.

මේ ඒ සම්බන්ධයෙන් ලියැවුණු ඉරමුරුසු පුවත් පතේ කතුවැකියයි

 

එඬේරුන් එනතෙක් එළුවන් අවධානයෙන් සිටිය යුතුයි!

 

විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීරත්, දෙමළ ජනතාවගේ නියෝජිතයින් යනුවෙන් ප්‍රකාශ කරගන්නා පුද්ගලයිනුත් අතර පසුගිය සතියේ ලන්ඩනයේදී සාකච්ඡාවක් පවත්වා ඇත.

ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් සමග දෙමළ ජනතාවගේ නියෝජිතයින් බව ප්‍රකාශ කරගන්නා පුද්ගලයින් සාකච්ඡා පැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 2009 වර්ෂයේ මැයි 18 දිනට පසු, මෙවැනි සාකච්ඡා රැසක් පවත්වා ඇත.

උදාහරණයක් ලෙස, 2009 වසරේ සැප්තැම්බර් මස ලන්ඩනයේදී එවකට සිටි ශ්‍රී ලංකා තානාපති නිහාල් ජයසිංහ සමග හරෝ ප්‍රදේශයේ පළාත් පාලන නියෝජිත දයා ඉඩෙයිකාඩර්, දෙමළ පුනුරුත්ථාපන සංවිධානයේ එවකට ප්‍රධානියාව සිටි බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ නියෝජිතයෙකුද වන වෛද්‍ය පුවිනාදන් යන අය රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇත.

ඉන් අනතුරුව 2010 වසරේ ජූනි මස කේපී ගේ සංවිධායකත්වයෙන් සරණාගත දෙමළ ජනතාවගේ නියෝජිතයින් බව ප්‍රකාශ කරගන්නා කැනඩාව, ස්විට්සර්ලන්තය, ජර්මනිය, බ්‍රිතාන්‍යය යන රටවල 09 දෙනෙකු කොළඹට ගොස්, එවකට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස්, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන අය සමග රහසිගත සාකච්ඡාවක නිරතවිය.

මොවුන්ගෙන් කෙනෙක් බ්‍රිතාන්‍යයේ පුද්ගලයෙකි. එක් පුද්ගලයෙකු එවකට බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ සභාපති ලෙස සැලකූ වෛද්‍ය වේලායුධපිල්ලෙයි අරුට්කුමාර්ය. අනෙක් පුද්ගලයා බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ තවත් වැදගත් සාමාජිකයෙකු වන දෙමළ සංවිධානයේ හිටපු සාමාජික චාල්ස් ඇන්තනිදාස්ය.

මොවුන්ගේ සම්බන්ධීකාරක ලෙස සැලකූ වෛද්‍ය පුවිනාදන්ගෙන් ඊළමුරුසු පුවත්පතේ බ්‍රිතාන්‍ය වාර්තාකරු මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී, ‘ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා නොකර, රටේ සිටින ජනතාවට කිසිඳු උපකාරයක් අපට කල හැකි බව ඔබ සිතනවාද?’ යනුවෙන් වෛද්‍ය පුවිනාදන් විමසා ඇත.

වර්තමානයේද මෙවැනිම ස්ථාවරයක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡාව දෙමළ ජනතාවගේ නියෝජියින් යනුවෙන් ප්‍රකාශ කරගන්නා තවත් කණ්ඩායමක් ‍විසින් සිදුකර ඇත. එනම්, මව්බිමේ සිටින ජනතාවගේ එදිනෙදා ජීවනෝපාය ගැටළු වලට විසඳුම් දැකීම සම්බන්ධයෙන්ම තමන් සාකච්ඡා වල නිරතවූ බව මොවුන් ප්‍රකාශ කර ඇත. මෙහි පුද්ගලයින් මාරුවී ඇතුවා මිස, එකම දර්ශනය නැවත නැවතත් වේදිකා ගතකරන බව අප සැලකිල්ලට ගත යුතුය. එදා දයා ඉඩෙයිකාඩර්, වෛද්‍ය පුවිනාදන්, වෛද්‍ය අරුට්කුමාර්, චාල්ස් ඇන්තනිදාස් යනාදීන් දෙමළ ජනතාවගේ ජීවනෝපාය ගැටළු වලට විසඳුම් දැකීම සඳහා සාකච්ඡා යන නාටකයේ රඟපාන ලදි.

අද ඔවුන්ගේ කොටස දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මදියාබරනම් එබ්බ්‍රාහම් සුමන්දිරන්, ගෝලීය දෙමළ සංසදයේ සුරේන් සුරේන්ද්‍රන්, නෝර්වේහි වෛද්‍ය පංචකුලසිංහම් කන්දයියා රමනම් යන අය විසින් රඟ දක්වා ඇත.

මේ පිළිබඳව අදහස් දක්වා ඇති දෙමළ ජාතික සන්ධානයේ නිල ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙමළ ජාතික සන්ධානයේ නිල අවසරය මත මම සාකච්ඡාවට සුමන්දිරන් සහභාගි නොවූ බවත්, තමිලරසු පක්‍ෂයේ නියෝජිතයෙකු ලෙස, නැතහොත් තම පෞද්ගලික කැමැත්ත මත මෙම සාකච්ඡාවට සහභාගි වෙන්නට ඇති බවත් ප්‍රකාශ කර ඇත.

මෙවැනිම නිවේදනයක් නිකුත් කර ඇති ජාත්‍යන්තර ඊළාම් දෙමළ ජනතා සංසදය, ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡාවක නිරත වූ වෛද්‍ය රමනම් තම සංවිධානයේ නියෝජිතයෙකු නොවන බවත්, එනමුත් තම නියෝජිතයෙකු ලෙස ඔහුව පෙන්නුම් කිරීමට ගෝලීය දෙමළ සංසදය අසත්‍ය ප්‍රචාරයක් සිදුකරන බවටත් චෝදනා කර තිබුණි. තවද, සාමාජික සංවිධාන කිසිවක් නොමැතිව තනි පුද්ගලයින් කිහිපදෙනෙකු ඇතුලත් සංවිධානයක් ලෙස ගෝලීය දෙමළ සංසදය ක්‍රියාත්මක වන බවටත්, ජාත්‍යන්තර ඊළාම් දෙමළ ජනතා සංසදය පෙන්වාදී ඇත.

මෙහිදී එක් කරුණක් පැහැදිලි වේ. එනම්, දෙමළ ඊළාම් මව්බිමේ සිටින ජනතාවගේ හෝ විදෙස් රටවල සිටින ජනතාවගේ කිසිඳු වරමක් නොමැතිව ශ්‍රී ලංකා රජය සමග සුමන්දිරන්, සුරේන්ද්‍රන් සහ රමනම් යනාදීන් සාකච්ඡා කර ඇත. මෙවැනිම තවත් සාකච්ඡාවක් මාස කිහිපයකට ඉහතදී ලන්ඩනයේ සහ සිංගප්පූරුවේ පවත්වා ඇත. එනමුත්, ඒ පිළිබඳ තොරතුරු අදටත් රහසක්ව පවතී.

ලන්ඩනයේ ඇති ‘දීපම්’ රූපවාහිනී නාලිකාවට මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදී ඇති ගෝලීය දෙමළ සංසදයේ සුරේන් සුරේන්ද්‍රන්, රාජතාන්ත්‍රික කටයුතු වල නිරතවන විටදී රහස් ආරක්‍ෂා කලයුතු බවත්, ශ්‍රී ලංකා රජය සමග තමන් පැවැත්වූ සාකච්ඡා පිලිබඳ සියළු කරුණු අනාවරණය කල නොහැකි බවත් ප්‍රකාශ කර ඇත.

ප්‍රථමයෙන්ම මෙහිදී එක් කරුණක් සුරේන් සුරේන්ද්‍රන් තේරුම්ගත යුතුය. ජනතාව විසින් තෝරාපත් කල නැතහොත්, ජනතාව විසින් පිළිගත් නායකයින් රහස් ආරක්‍ෂා කරගනිමින් රාජකාන්ත්‍රික කටයුතු වල නිරතවීමටත්, ජනතාවගේ වරමක් නොමැති පුද්ගලයින් රහස් ආරක්‍ෂා කරගනිමින් රාජතාන්ත්‍රික කටයුතු වල නිරතවීමත් අතර වෙනස ඔහු තේරුම්ගත යුතුය. එනම්, පලමු වැන්න ජනතාවගේ යහපත මුල් කරගත්තකි. දෙවැන්න, තනි පුද්ගලයින්ගේ යහපත අරමුණු කරගත් දෙයක් පමණි.

එබැවින්, මව්බිමේ ජනතාවගෙත්, සරණාගත දෙමළ ජනතාවගෙත් වරම හෝ අනුමැතිය නොමැතිව ශ්‍රී ලංකා රජය සමග සුමන්දිරන්, සුරේන්ද්‍රන් සහ රමනම් යනාදීන් සාකච්ඡා වල නිරතවීමත්, ඒ පිළිබඳ තොරතුරු අනාවරණය නොකර මොවුන් රහස් ආරක්‍ෂා කිරීමත් තුලින් මොවුන්ගේ යටි අරමුණ ලොව දෙමළ ජනතාවට පැහැදිලි කරයි.

මේ අතර සුරේන් සුරේන්ද්‍රන් සමග එක්ව ‘දීපම්’ රූපවාහිනී නාලිකාවට සාකච්ඡාවක් ලබාදී ඇති සුමන්දිරන්, යුද්ධය අවසන් අදියරයේදී සිදුවූ යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි වැරදි සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණය අවසන් බවත්, දැන් සිදුවිය යුත්තේ පරීක්‍ෂ‍ණයේ ප්‍රථිපල අනුව, එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපත් කරන නිර්දේශ රට තුල ක්‍රියාත්මක කිරීම පමණක් බවත් සඳහන් කර ඇත.

සුමන්දිරන් මහතා නීතිය උගත් නිතිඥයෙකි. ඔහුට ඉංග්‍රීසි දැනුමත් ඇත. නමුත්, පැවැත්වුණේ ජාත්‍යන්තර පරීක්‍ෂණයේ ප්‍රථම අදියරයයි. එනම්, එළඹෙන සැප්තැම්බර් මස එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය නිකුත් කිරීමට යන වාර්තාව ජාත්‍යන්තර පරීක්‍ෂණයේ ප්‍රථම අදියර අවසන් බව සටහන් කිරීමක් මිස, ජාත්‍යන්තර පරීක්‍ෂණයේ අවසානය නොවේ.

එය පදනම් කරගෙන, ජාත්‍යන්තර පරීක්‍ෂණ කොමිසමක් පිහිටුවීම සඳහා නිර්දේශ කිරීම හෝ නැතහොත් ජාත්‍යන්තර විනිසුරු මඩුල්ලක් (විශේෂ අධිකරණයක්) පත්කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්ට හෝ මහා මණ්ඩලයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට නිර්දේශ කල හැකිය. අවශ්‍ය වුවහොත් මේ පිළිබඳ දැඩි පරීක්‍ෂණ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේදී පැවැත්වීමට කටයුතු කරන ලෙසටද එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට නි‍ර්දේශ කල හැකිය. යථාර්තය එසේ තිබියදී, ජාත්‍යන්තර පරීක්‍ෂණය අවසන් බව සුමන්දිරන් නිවේදනය කර තිබීම ඔහු ඇත්තෙන්ම නීතිය ඉගෙනගෙන නීතිඥයෙකු වුනාද? නැත්නම් ජනතාව මෝඩයින් බව අදහස් කර මේ අන්දමින් ප්‍රකාශ කර තිබෙනවාද? යන ප්‍රශ්න මතුවේ.

මේ සම්බන්ධයෙන් අපට එක් කරුණක් ප්‍රකාශ කල හැකිය. එ‍ඩේරුවන් නොමැතිව ඝණ කැළෑවක සැරිසරන එළුවන් දැක නරියන් හැඬීම අද ඊයේ සිදුවන්නක් නොවේ. එය කාලාන්තරයක් තිස්සේ සිදුවේ. දෙමළ ඊළාම් ජනතාව සම්බන්ධයෙන්ද දැන් සිදුවන්නේ එයයි. එඩේරුන් සිටින්නේය යන බියෙන් නගුට හකුළුවාගෙන පොළව යට ඔළුව සඟවාගෙන සිටි නරියන් සියළුදෙනා දැන් හෙමින් හෙමින් පිටතට පැමිණීමට පටන්ගෙන ඇත. නරියන්ගේ පැමිණීම මෙතෙකින් අවසන් වන්නේ නැත. එඩේරුන් පැමිණෙන තෙක් මෙය අඛණ්ඩව සිදුවනු ඇත. එතෙක් එළුවන් අවධානයෙන් සිටිය යුතුය. නැත්නම් එළුවන්ව නරියන් විසින් ගිලදමනු ඇත.

කතුවැකිය

ඊළමුරුසු පුවත්පත

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us