ඊට අදාළ යෝජනාව පළාත් සභාවේදී සම්මත වූ බවයි එහි සභාපති සී.වී.කේ. සිවඥානම් මහතා පැවසුවේ. එම පළාතේ පසුගිය කාලයේ ප්රචණ්ඩ ක්රියා සහ දරුණු අපරාධ වැඩිවීමට මෙම මත්පැන් භාවිතය බලපෑ බව ඒ මහතා පවසයි.
උතුර පළාත් සභාව සම්මත කරගත් යෝජනාව සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව සහ පළාත් ආණ්ඩුකාරවරයා ද දැනුවත් කරමින් ලිපි යැවූ බවයි සභාපතිවරයා සඳහන් කළේය.