මහින්ද නා, නුග ඇති පන්සල් සොයා මෙහෙයුමක

Published in පුවත්
Wednesday, 17 June 2015 16:47

හිටපු ජනාධිපතිවරයා මේ දිනවල නා ගස්, නුග ගස් තිබෙන වෙහෙර විහාර සෙවීම සඳහා කණ්ඩායමක් පත් කර ඇතැයි වාර්තාවේ. හිටපු ජනාධිපතිවරයාට මේවන විට ඇතිවී තිබෙන නරක දසාව නිසා ඒ සමනය කර ගැනීමට බෝධී පූජා පැවැත්වියයුතු බවට ලැබී තිබෙන ජෝතිෂ්‍ය උපදෙස් අනුව එම බෝධි පූජා පැවැත්විය යුතුව ඇත්තේ නා ගස්, නුග ගස් ඇති විහාරස්ථාන වලය.

පසුගිය දින කිහිපය තුලදී ඔහු බෝධිපූජා පැවැත්වීම සඳහා ‍තෝරාගෙන තිබුණේ එම ගස් දෙවර්ගය ඇති විහාරස්ථාන කිහිපයකි.

රාජකීය දෛවඥයා වු සුමනදාස අබේගුණවර්ධන මහතාව ඉවත් කිරීමෙන් පසුව වැල්ලවාය ප්‍රදෙශයේ හිමි නමකගේ උපදෙස් අනුව වැඩ කිරීමට හිටපු ජනාධිපතිවරයා තීරණය කර තිබේ. පසු ගිය සතියේ අප විසින් ඔහු දේශපාලන වේදිකාවට ගොඩ නොවීම සම්බන්ධයෙන් අණාවරණය කළ කරුණු පදනම් වූයේද මෙම හිමිනම විසින් මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබු උපදෙස් අනුවය.

ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසුව පසුගිය පෙබරවාරි 25 වන දින මැදමුලනේ නිවස වටා දෙහි ගෙඩි 08 වළලා ආරම්බ කළ යාතු කර්මයේ සිට රාජපක්ෂ මහතාගේ සියළූම කටයුතු තීරණය කරන්නේ ඉහත කී හිමි නම විසින්ය. හිමි නමගේ උපදෙස් පිට මරන්නට නියමිත ගවයන් තිදෙනෙකු නිදහස් කිරීමද පසුගියදා රාජපක්ෂ මහතා වෙතින් සිදුව ඇත.

ග්‍රහ අපල දූරීන් බූත කර ගැනීම සඳහා තවත් වැඩ කටයුතු රාශියක් සිදු කිරීමට හිමි නමගෙන් උපදෙස් ලැබී තිබේ. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී හෙළි කරන්නට අප බලා පොරොත්තු වෙමු.

තව වසර 21 ක් යන තුරු රාජ්‍යයේ බලය ලබා ගැනීමට හැකි ග්‍රහයෝග පිහිටීමක් වාසනාවක් මහින්ද රාජපක්ෂට නොමැති නමුත් සමාජ අපවාදයෙන්, අපකීර්තියෙන්, පීඩාවෙන් මිදීම සඳහා මෙලෙස පිං අතේ වැඩ හා ශාන්තිකර්ම වල යෙදීමට රාජපක්ෂ මහතාට සිදුව තිබේ. බුද්ධ වචනය සත්‍යක් ලෙස ගෙන, 'කරන කලට පව් මිහිරිය මී සේ, විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ' යැයි ලෝවැඩ සඟරාවේ සඳහන් වූයේ යම් සේද ඒ අද මහින්ද රාජපක්ෂ මහතා අත් විඳිමින් තිබේ යැයි කිසිවකු කියන්නේ නම් ඒ වැ‍රැදි නොවේ.


සැබැඳි පුවත් :මහින්ද වේදිකාවට නොනඟින ඇත්ත හේතුව හෙළිවේ!

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us