ක්ෂණිකා සෙනෙවිරත්නට විරුද්ධව පැවති චෝදනාව වූයේ ඇයගේ නිත්‍ය නියෝජිත නිල නිවසේ අලුත් වැඩියාව පිළිබදව කොන්ත්‍රාත්තුව LTTE සංවිධානයට සම්බන්ධ පුද්ගලයෙකුට භාර දීමට ඇය කටයුතු කළ බවයි. එමෙන්ම ඇයගේ ස්වාමිපුරුෂයා එම සමාගමේ උප කොන්ත්‍රාත්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවට චෝදනා එල්ල විය. මෙම අලුත්වැඩියා කටයුතුවල ගිණුම් පටිපාටිය පවා අක්‍රමවත් බවට චෝදනා එල්ල වී තිබුණි. ඒ පිළිබද පසුගිය රජය සමයේ සිදු කළ විමර්ශන නියමාකාරයෙන් සිදු නොවූ බව මහේෂනී මහත්මිය පැවසුවාය.
පරිපාලන නීති රීති වලට අනුව මෙවැනි විමර්ශනයන් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සිදු විය යුතු වූවත් එසේ සිදු නොකර එළි දැක්වූ වාර්තාව අනුව සෙනෙවිරත්න මහත්මියට විරුද්ධව මාධ්‍ය ව්‍යාපාරයක් ගෙන ගිය බව මහේෂනී කොළොන්නේ මහත්මිය පවසයි.
ක්ෂණිකා මහත්මිය තනාපති ධූරයක් සදහා පත් කිරීමට සුදුසුද යන්න තීරණය කිරීම සදහා පැවති විමර්ශනයක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේද සහාය ඇතිව පවත්වා ඇති අතර එහි ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ ගණකාධිකරණ සේවයේ නියුතුව විශ්‍රාමගිය කොමසාරිස් වරයෙක් වන D.H.P එදිරිසිංහ මහතායි.
ඔහුගේ වාර්තාවල නිර්දේශ අනුව මෙම අලුත් වැඩියා කිරීම් වලින් සෑහෙන ප්‍රමාණයක් ක්ෂණිකා සෙනෙවිරත්න මහත්මිය සේවය භාර ගැනීමට පෙර සිට දියත් වූ බව අනාවරණය වී ඇති අතර ඒ පිළිබදව ඇය කිසිඳු දෙයක් නොදන්නා බව පැවසේ.
තෝරාගත් කොන්ත්‍රාත්කරුවන් හා ගෙවීම් පිළිබදව සොයා බැලීමට නොහැකි වූයේ ඇයට පැවරුණු වෙනත් රාජකාරි නිසා බව නිර්දේශ වල දැක්වෙන බව මහේෂනී කොළොන්නේ මහත්මිය සඳහන් කළාය.
මෙම නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් පසුව ආරක්ෂක අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක් අනුව අනාවරණය කර ඇත්තේද එම කොන්ත්‍රාත්තුව භාරව ක්‍රියා කළ තුරෙයිරාජා LTTE ක්‍රියාකරුවෙකු ලෙස හදුනාගෙන නැති බවයි. එම නිසා එසේ පැවසීම සාධාරණ නොවන ඔවුන් පවසයි .
මෙම පරීක්ෂණයේ සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ උසස් නිලයන් පිළිබද කමිටුව ඉදිරියේ ක්ෂණිකා සෙනෙවිරත්න මහත්මිය පෙනී සිටි ඇති අතර එහිදී කමිටුව තීරණය කර ඇත්තේ ක්ෂණිකා සෙනෙවිරත්න මහත්මිය තායිලන්තයේ තානාපති ලෙස පත් කිරීමට සුදුසු බවටයි.
{soundcloud}https://soundcloud.com/lankadaily/maheshini-kolonnage-1{/soundcloud}