ගෙවල්වල යෝජනා සම්මතකරල මෛත්‍රී ඉවත්කරන්න බෑ - ශාන්ත බන්ඩාර(audio)

Published in පුවත්
Friday, 05 June 2015 13:28

ගෙවල්වල යෝජනා සම්මතකරල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පක්‍ෂයේ සභාපතිකරමින් ඉවත්කල නොහැකිබව ප්‍රවෘති දෙපාර්තමේන්තුවේ අද (05) පැවති මාධ්‍යහමුවට සහභාගීවෙමින් ජනමාධ්‍ය නියොජ්‍ය අමාත්‍ය ශාන්ත බන්ඩාර මහතා පවසා සිටියේය.

පක්ෂ ව්‍යවස්ථාවවත් හරිහැටි කියවා තේරුම් නොගත් අය එබදු ක්‍රියාකාරකම්වල නිරත වන බවත් සභාපති ඉවත් කිරීම ඒ අකාරයෙන් කළ නොහැකි බවත් අමාත්‍යවරයා පැවසුවේය. මේ නිසා ඔවුන් පක්ෂ ව්‍යවස්ථාව පිළිබදව අවබෝධයක් ලබා ගත යුතු බව අවධාරණය කළේය.

රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් සියලු ජනතාවට සහන සලසමින් ශ්‍රී ලංකා රජය ගෙන යන ක්‍රියාමාර්ග ගැන ජාත්‍යන්තරය තුළ ප්‍රසාදය පළ වී තිබෙන බවත් එය අප රටක් වශයෙන් ලද ජයග්‍රහණයක් බවත් ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.


19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරමින් රට තුළ ඇති කළ වෙනස්කම් 20 වැනි සංශෝධනය මගින්ද ඉටුවනු ඇති බවට එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මූන් මහතා ඊයේ පස්වරුවේ (04) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත දුරකතන ඇමතුමක් දෙමින් සිය ප්‍රසාදය පළ කර තිබේ. නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන්කි මූන් මහතා එම සංවාදයේ දී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

අපේ රටේ පසුගිය කාලය තුළදි බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමට යෑමේ දී විශේෂයෙන් අපේ රට පිළිබඳව ජාත්‍යන්තරයේ වැරදි මත හා වැරදි අවබෝධ තිබුණ බවත් අපේ රටේ ඇතැම් පිරිස් විදේශ රටවල් සමඟ කටයුතු කළ ක්‍රමය සහ ඇති කරගත් ප්‍රශ්න සමඟ විවිධ රටවල් අප සමඟ අමනාපකම් ඇති කර ගත් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ වනවිට වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, එම මිතුදම් සම්බන්ධව එතුමාගේ විශ්වාසය සහ එතුමාගේ පාලනය පිළිබඳවත් මේ රටේ ඇතිව තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවත්, ජනාධිපතිතුමා විශේෂයෙන්ම පසුගිය කාලයේ 19 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය හරහා තමන්ගෙ බලය ඇත් හැරීම පිළිබඳවත් මීළඟට ඇති කිරීමට සූදානම්වන 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ රටේ ඇතිවන නව ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය සම්බන්ධවත් අද ජාත්‍යන්තරය තුළත් කතාබහ ඇති වෙලා තිබෙන බවත් ඔහු එහිදී පෙන්වා දුන්නේය.

“සමහරවිට කෙනෙකුට කියන්න පුළුවන් දැන් ඔන්න මේක දෙන්නම් කියලා පොරොන්දු වෙලා තමයි මේ රට ගැන ඔය විදියෙ වාක්‍ය ගන්නෙ, ප්‍රසාදය ගන්නේ කියලා ඒත් එහෙම එකක් නෑ. කිසිම දෙයක් පාවා නොදී රටේ ප්‍රතිපත්තිය ආරක්ෂා කරගෙන රටත් ජනතාවත් ආරක්ෂා කරගෙන තමයි ජාත්‍යන්තරය ජයග්‍රහණය සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා කටයුතු කරගෙන යන්නේ. ශ්‍රී ලාංකික ජනතාව හැටියට අපි අද සතුටු විය යුතුයි විදේශ රටවල විශාල ප්‍රසාදයක් අප රට කෙරෙහි ඇති වෙලා තියෙන එක ගැන.

ඉදිරි කෙටිකාලය තුළ දි විදේශ රටවල් ගණනාවකින්ම සෘජුවම ජනාධිපතිතුමාට ආධාර විශාල ප්‍රමාණයක් ලබා දෙන්න එකඟ වී ඇති බවත් ඒ ආධාර ලබා ගැනීම හරහා අපේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා මේ රට ඉදිරියට ගෙන යන්න එතුමා ක්‍රියාකරන බවත් පැවසුවේය.

සම්පූර්ණ හඩ පටයට පහතින් සවන් දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/santha-bandara{/soundcloud}

Last modified on Friday, 05 June 2015 15:19

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us