විනාශකාරී නව මාධ්‍ය රටාවක් පෙළගැසිම සඳහා ‘නිජබිම‘ නමින් නව පුවත් පතක් ආරම්භ කිරීමේ මූලික සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාරහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්වුණු බවත්, ඊට ප්‍රකට කැසිනෝ ව්‍යාපාරික රවි විජේරත්න, රුවන් ෆර්ඩිනැන්ඩස්, බන්දුල පද්මකුමාර, ජනක ප්‍රියන්ත බණ්ඩාර, ටිරාන් අලස්, මනූෂ නානායක්කාර, තුෂාර ගුණරත්න, රොහාන් වැලිවිට, ආදී පිරිසක් සහභාගි වී ඇති බවත් සඳරුවන් මහතා පවසයි.
අභයාරාමයේ පැවැති මෙම රැස්වීම අවසානයේදී 'නිජබිම' නාමය සම්බන්ධයෙන් ටිරාන් අලස් සහ රුවන් ෆර්ඩිනැන්ඩස් අතර බහින් බස්වීමක් ඇති වී තිබෙන බව ද සඳරුවන් මහතා කියා ඇත.
21 දා අලුත් පත්තරයක් :
'ශ්‍රී ලංකා මිරර්' උපදේශක රුවන් ෆර්ඩිනන්ඩිස් මහතාගේ නමද සඳහන් කරමින් පළකර ඇති සඳරුවන් මහතාගේ එම වෙබ් පුවත සම්බන්ධයෙන්, කල විමසීමකදී රුවන් මහතා කියා සිටියේ, එවැනි සාකච්ජාවක් පිළිබඳව තමා දැන ගත්තේ සඳරුවන් මහතාගේ වාර්තාවෙන් බවයි.
2001-2002 වකවානුවේ පැවති එජාප ආණ්ඩුවට එරෙහිව තමා ඇතුළු පිරිසක් 'නිජබිම' නමින් පුවත්පතක් ආරම්භ කල ද ඒ නමින් පුවත් පතක් ආරම්භ කිරීමට තමාගේ අදහසක් නොමැති බවත්, දීප්ති කුමාර ගුණරත්න, සුභාෂ් ජයවර්ධන, විමල් කැටපේආරච්චි, ප්‍රභාත් වීරරත්න, ක්ලෝඩ් ගුරුබැවිල, ශාන්ත බණ්ඩාර ජයවර්ධන, ගුණසිරි සිල්වා, හිමාශි කරුණාරත්න, දයා නෙත්තසිංහ, ශාලික විමලසේන, ජයසිරි අලවත්ත යන අයගේ මුලිකත්වයෙන් ජුනි 21දා නව ආරක පුවත්පතක් එළිදැක්වීමට කටයුතු යොදා ඇති බවත් ඔහු කියා සිටියේය.
එම පුවත්පතට කලක් එකට සිටි මිතුරන් ද කලබලයට පත්ව ඇතයි ඔහු පැවසිය.
sri lankamirror