කුඩු විකුණන අය ගැන දන්නවනම් අපිටත් කියන්න

Published in පුවත්
Monday, 28 July 2014 11:36
බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මත්කුඩු ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් දන්නා තොරතුරු පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලබාදෙන්නේ නම් එම අවස්‌ථාවේ සිට විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කරන බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ පවසයි.
කොළොන්නාව කුඩු ජවාරම සම්බන්ධයෙන් මෙන්ම කුඩු ව්‍යාප්තිය සිදු කරන අය කවුරුන් සමග සම්බන්ධතා පවත්වනවාද යන්න තමා දැනුවත් බවත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පසුගියදා මාධ්‍ය හමුවේ අනාවරණය කළාය.
 
ඒ අනුව කොළඹ ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම් කරන පුද්ගලයන් දන්නා බව පළාත් සභා මන්ත්‍රීවරිය මාධ්‍යයට කරන ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක්‌ කිරීමට නම් ඇය ඊට අදාළ පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසියට ද තොරතුරු දීම පහසුවක්‌ බව අජිත් රෝහණ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවේදි පැවසීය. 
 
තොරතුරු සත්‍ය නම් කුමන තරාතිරමක අයෙක්‌ හෝ අත්අඩංගුවට ගැනීමට පොලිසිය පසුබට නොවන බව ද ඔහු පෙන්වා දෙයි. 

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us