කෘෂි කර්මාන්තය 'කෘෂි කර්මයක්' වෙලා -රනිල්

Published in පුවත්
Monday, 28 July 2014 10:37

රාජපක්‍ෂ රෙජිමය විසින් මේ රටේ කෘෂි කර්මාන්තය 'කෘෂි කර්මයක්' බවට පත්කර ඇතිබව විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ලග්ගල ආසනයේ එජාප සංවිධායක හා රෝහණ බන්ඩාරනායක මහතාගේ නිවසේ ඊයේ (27) පැවති එජාප ඡන්දපොළ නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන අමතමින් පැවසීය.

ශ‍්‍රී ලංකාව දියුණු රටක් බවට පත්කිරීමට නම් ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව පැවසු විපක්ෂ නායකවරයා, කෘෂිකර්මාන්තය දියුණු කිරීමට වත්මන් ආණ්ඩුවට නිසි වැඩපිළිවෙළක් නොමැති බව පෙන්වා දුන්නේය.

ෙමේ නිසා රට විශාල රැසකට මුහුණ දී සිටින බව පැවසු විපක්ෂ නායකවරයා, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ කෘෂි කර්මාන්තය දියුණු කර ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව අවධාරණය කර සිටියේය.

 


ශ්‍රීලනිප පිරිසක් එජාපයට එති


මේ අතර, එම රැස්වීම අතරවාරයේ රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට පැමිණි, ලග්ගල හත්තොට අමුණ ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ක්‍රියාකාරී සාමාජිකයින් පිරිසක්, ඔහු සමග සාකච්ජාකර එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වය ලබාගත්තේය.

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දූරදර්ශී නායකත්වය පිළිබඳව පැහැදී තමන් එජාපයට එක්වූ බව ඔවුහු පැවසුහ.

එක්සත් ජාතික පක්‍ෂය විසින් ක‍්‍රියාත්මක කරණු ලබන 'ජනජය' වැඩසටහනට සමගාමීව රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ මාතලේ ලග්ගල ආසනයේ සංචාරයක නිරත විය.

ඊයේ උදෑසන ලග්ගල ශ‍්‍රී ඉසිපතනාරාමයට පැමිණි විපක්‍ෂනායකවරයා පළමුව ආගමික වතාවත්වල යෙදිණ.

විල්ගමුව ජනජය වැඩසහන අතරතුර විල්ගමුව ත‍්‍රීරෝදරථ කරුවන්ගේ සංගමයේ සාමාජිකයින් සමග ඔවුන් මුහුණදෙන වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා සාකච්ඡා කළේය.

 

වැව් ඉස්මත්තේ තරුණ හමුව:

ලග්ගල වෙහෙරගලයායට පැමිණි රනිල් වික‍්‍රමසිංහ මහතා වෙහෙරගල වැව් ඉස්මත්තේ පැවති තරුණ හමුවකට සහභාගී විය. විශේෂයෙන් එම අවස්ථාවේදී වෙහෙරගලයාය තරුණ තරුණියන් මුහුණපාන ගැටලු මෙන්ම ප‍්‍රදේශවාසී ජනතාවට බරපතළ වශයෙන් බලපාන වකුගඩු රෝගය හා ජල ගැටළුව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකෙරිණ.

වෙහෙරගල ගම්මානයේ පැවති ඡන්දපොළ නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට ද රනිල් වික‍්‍රමසිංහ මහතා සහභාගී විය. එම අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ ලග්ගල ආසනයේ ප‍්‍රබලයෙක් වන විල්ගමුවේ රන්ජන් නිශ්ශංක ගුරු මහතා රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සුරතින් එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගත්හ.

RW Laggala 1RW Laggala 2RW Laggala 3RW Laggala 4RW Laggala 5RW Laggala 6RW Laggala 7RW Laggala 8RW Laggala 9RW Laggala 10RW Laggala 12RW Laggala 13RW Laggala 14RW Laggala 15RW Laggala 16RW Laggala 17

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us