'එකිනෙකාට එරෙහි පෙරමුණක් හදලා' -ඩලස්

Published in පුවත්
Monday, 28 July 2014 12:01

''කලින් එකිනෙකාට විරුද්ධ වූ පාර්ශ්ව එකම පෙරමුණකට පැමිණ දැන් සූදානම් වන්නේ, ත‍්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු රට භුක්ති විඳින නිදහස නැවත අහිමි කිරීමට'' බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, නිකවැරටියේ ඊයේ පැවැති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත සම්මේලනයකට සහභාගිවෙමින් පැවසිය.

ඔහු මේබව කියා සිටියේ, ‘විධායක ජනාධිපති ධුරය අහෝසි කල යුත්තේ ඇයි?’ යන මැයෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් පසුගිය බ්‍රහස්පතින්දා (24) සංවිධානය කොට තිබු සම්මන්ත‍්‍රණය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

''සාධාරණ සමාජයක් සඳහා වූ කියලා කට්ටියක් එකතු වුණා. අපේ අතිපූජනීය මාදුළුවාවේ සෝභිත ලොකු හාමුදුරුවොත් හිටියා එතැන. උන්වහන්සේ ඉතිහාසය පුරාම රට වෙනුවෙන් මාතෘ භූමිය වෙනුවෙන් කැප කිරීමක් කරපු හාමුදුරු කෙනෙක්. අපේ ගෞරවය තියෙනවා අපේ හාමුදුරුවනේ. ඒ ඇරෙන්න කවුද එතැන හිටියේ. චෞර රැජින කියලා පොත ලියපු වික්ටර් අයිවන් මහත්තයත් හිටියා, චෞර රැජිනත් හිටියා. ෆොන්සේකා මහත්තයාට යුද හමුදාවේ නෙවෙයි ගැලවීමේ හමුදාවේ නායකත්වයටවත් මෙයා සුදුසු නැහැයි කියපු මංගල මහත්තයත් එතැන හිටියා ෆොන්සේකා මහත්තයත් එතැන සිටියා.'' යයි ද අලහප්පෙරුම අමාත්‍යවරයා කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us