යාල සතුන්ට ඌවේ ඡන්දයෙන් මරු පහරක්

Published in පුවත්
Sunday, 27 July 2014 16:22

දකුණු කලාපයට බලපා ඇති නියං තත්වය හේතුවෙන් යාල වනෝද්‍යානයේ වන සතුන්ට බීමට අවශ්‍ය ජලය සැපයීමට යොදවා තිබූ බවුසරය මේ වන විට වෙනත් කටයුතු සඳහා යොදාගෙන ඇති බව පරිසර සංරක්ෂණ භාරය පවසයි.

එහි අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා පැවසුවේ එම බවුසරය ඌව පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගත් කටයුතු වෙනුවෙන් යොදා ගනිමින් පවතින බවයි.

මෙම තත්වය වන සතුන්ගේ පැවැත්මට හානිකර බව සජීව චාමිකර මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම මේ හේතුවෙන් එම ප‍්‍රදේශවල ජනතාවද වන සතුන්ගේ තර්ජනයකට ලක් වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පවතින නියං සහිත කාලගුණය හේතුවෙන් යාල, ලූණුගමවෙරෙහ, විල්පත්තුව සහ කුමන යන ජාතික වනෝද්‍යානවල ජීවත් වන සතුන් දැඩි පීඩාවකට පත්ව සිටිති.

ඊට පිළියමක් ලෙස කෘතිමව පොකුණු සකස් කර බවුසර් යොදා ගනිමින් ජලය සැපයීමට කටයුතු කරන බව වනජිවි අධ්‍යක්‍ෂ ජෙනරාල් එච්.ජී රත්නායක මහතා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us