සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෘෂ්‍ය කලා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් වන ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා, විනී හෙට්ටිගොඩ මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාල්ස් දයානන්ද මහතාද මෙන්ම ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් වන අනුර ශ්‍රීනාත් මහතා සහ තලංගම ජයසේන මහතා ඇතුළු ප්‍රවීණ සහ ආධුනික චිත්‍ර ශිල්පීන් රැසක්ද, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම කුඩා දරුවන්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
ජාතික සමඟිය තේමා කර ගත් මෙම චිත්‍ර කඳවුරට චිත්‍ර ඇඳීමට මෙන්ම චිත්‍ර නැරඹීමටද විශාල පිරිසක් සහභාගී වී සිටිනු දක්නට ලැබුණු අතර එසේ පැමිණි අය අතර කියුබානු තානාපතිනි ඉන්දිරා ලෝපේස් මැතිණියද සිටීම විශේෂත්වයකි.
එමෙන්ම තවත් විදේශිකයින් බොහොමයක්ද විය. විත්ර ඇඳීමට සමගාමීව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් ජාතික සමඟිය තේමා කොට ගෙන සිදුකරනු ලැබූ නිරූපණයන්ගෙන්ද විත්ර කඳවුර සමන්විත විය.