එහි සභාපති සභාපති සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ මෙම ඖෂධය පාවිච්චි කරන පිරිස අතර පාසල් සිසුන් පවා සිටින බවට තොරතුරු හෙළි වී ඇති බවයි.
මෙම ඖෂධය වෛද්‍ය උපදෙස් මත පමණක් ලබා ගත යුතු බවත් වෛද්‍ය නිර්දේශයක් නොමැතිව භාවිත කිරීමෙන් ජීවිත හානි පවා සිදු විය හැකි බවත් පවසන වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ආඝාතය (අංශ භාගය), හෘද ස්පන්දනය වැඩි වීම සහ අධි රුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන් ඇති විය හැකි බවද කියයි.