අල්ලස් කොමිසම ඉදිරිපිට අද (23) කිසිදු උද්ඝෝෂණයක් නොපැවැත්විය යුතු බවට අධිකරණ නියෝගයක් ලබාදී තිබියදීත් එය නොතකා ස්වාමින් වහන්සේ කිහිප නමක් සහ දේශපාලනඥයින් ඇතුළු පිරිසක් මේවන විට එම ස්ථානයේ විරෝධතාවක් ආරම්භ කර තිබේ.
පවත්නා වාතාවරණය යටතේ කලහකාරී සිදුවීමක් ඇතිවුවහොත් එය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකය ද එම ස්ථානයට කැඳවා තිබේ.
මේ නිසා බෞද්ධාලෝක මාවත මාර්ගයේ වාහන ධාවනයට ද බලපෑම් එල්ල වී ඇත.