කෙහෙළියට සිතාසි

Published in පුවත්
Thursday, 23 April 2015 10:41

පසුගිය ජනපතිවරණ සමයේදී රූපවාහිනී සංස්ථාවට අවශ්‍ය නොවන යකඩ බට 600 ක් මිලදී ගෙන රජයට රුපියල් නව ලක්ෂ අනූදහසක පාඩුවක් කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම හිටපු ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිනී සංස්ථාවේ සභාපති හා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට විරුද්ධව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ ඊයේ (22දා) නඩු පැවරීය.

රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ සහ එහි හිටපු සභාපති විමලසේන රූපසිංහ යන මහත්වරුන්ට එරෙහිවද නඩු පවරන ලදී.

පසුගිය දෙසැම්බර් මස 2 වැනිදාත් 10 වැනිදාත් අතර කාලය තුළ සිදු කරන ලද මෙම ක්‍රියාව හේතුවෙන් රජයට රුපියල් නවලක්ෂ අනූ දහසක පාඩුවක් සිදුවී ඇත.

අල්ලස් කොමිසමෙන් පැවරූ මෙම නඩුව සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා, ලබන මැයි මස 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් විත්තිකරුවන්ට සිතාසි නිකුත් කළේය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us