දූෂිතයන් නීතිය හමුවට ගෙන ඒම ගැන ජනතා ප්‍රසාදය

Published in පුවත්
Thursday, 23 April 2015 09:56

මාස කිහිපයක් තිස්සේ දූෂිතයන් වංචාකරුවන්, අපරාධකරුවන් සම්බන්ධයෙන් ලැබී තිබු පැමිණිළි විභාග කරමින් මේ වන විට ඔවුන් නීතිය හමුවට ගෙන ඒම සඳහා වත්මන් පාලනය විසින් ගෙන යන මෙහෙය ජනතා ප්‍රසාදයට හේතු වී තිබෙන බව මේ සම්බන්ධයෙන් කළ සමීක්ෂණ වාර්තාවකින් පෙන්වා දෙයි. විශේෂයෙන් තරුණ පරපුරේ දේශපාලන මතය ප්‍රකාශයට පත් කෙරෙන ෆේස්බුක් ට්වීටර් වැනි සමාජ ජාලාවල පල වූ මත සම්බන්ධයෙන් කළේ සමීක්ෂණයකදී සාතිශය බහුතරය (සියයට 75 ක පමණ දෙනා) නීතිය ක්‍රියාත්මක කරවීම ගැන අගය කර ඇත.

සමාජ ජාලා මත විශ්ලේෂණය කරමින් සිටින ජනමාධ්‍යයට සම්බන්ධ විශ්ව විද්‍යාල ආචාර්‍යවරයකු යටතේ වන කණ්ඩායමක් මෙම සමීක්ෂණය සිදු කර ඇත.

එම තත්වය පසුගිය ජනාධිපතිවරණ සමයේදී තිබුණු බේදීම ට වඩා වෙනස් වෙමින් පවතින පාලනය අගය කිරීමක් දක්වා මුහුකුරා ගොස් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි. විශේෂයෙන් වත්මන් පාලනය සම්බන්ධයෙන් විපක්ෂ කණ්ඩායම් වල විරෝධය විහිළු සහගත හා කිසිදු සාධාරණ පදනමක් මත සිදු නොවීම දැඩි විවේචනයට ලක්ව තිබීම කැපී පෙනෙන බවද ඔවුන් පෙන්වා දෙයි.

පසුගිය ජනාධිපතිවරන සමයේදී ද මෙම කණ්ඩායම මෙවැනි මත විශ්ලේෂණයක් සිදු කළ අතර එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගනු ඇති බවට අනාවැකියක්ද පල කෙරුණි.

මේ අතර රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ප්‍රබලයින් තිදෙනෙකු ඉදිරි දින කිහිපය තුලදී මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us