19 සංශෝධනයට ශ්‍රි ලනීප සහය නෑ

Published in පුවත්
Tuesday, 21 April 2015 07:40

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (21) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කියා සිටියේ අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි.

ඒ අනුව අද සහ හෙට 19 වන ව්‍යවස්ථා සංශෝධනය විවාදයට ගන්නා අතර හෙට දිනයේ ඊට අදාළ ඡන්ද විමසීම සිදුකරනු ඇත.

විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා කිරීමට අදාළ කොන්දේසී සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම සම්බන්ධයෙන් වු 19 වන ව්‍යවස්ථා සංශෝධනය පසුගියදා ආණ්ඩු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි.

අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් වු පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳව නිර්දේශ කතානායකවරයා වෙත ඉදිරිපත් කළ අතර එහිදී ඇතැම් සංශෝධන ක්‍රියාත්මක කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවට දැනුම්දී තිබුණි.

ඒ අනුව ජනමත විචාරණයකින් සම්මත කිරීමට අවශ්‍ය වන සංශෝධන ඉවත් කර 19 වන ව්‍යවස්ථා සංශෝධනය යළි ඉදිරිපත් කිරීමට ආණ්ඩු පක්ෂය පියවර ගන්නා ලදී.

අද දිනයේ එම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විවාදය සිදුකිරීමට ඊයේ රැස් වු පක්ෂ නායක රැස්වීමේ දී එකඟතාව පළ වු බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.


කෙසේවෙතත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම ගැටළුවක්වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියා සිටියේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය නොදක්වන බවට විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා දැනුම්දුන් බවයි.

පක්ෂ නායක රැස්වීමේ දී විපක්ෂ නායකවරයා මේ පිළිබඳව දැනුම් දුන් බව විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


මේ අතර ජාතික හෙළ උරුමය ද 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය දැක්වීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ප්‍රකාශ කළේය.

 

- adaderana

Last modified on Tuesday, 21 April 2015 07:50

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us