තමන් නීතියක් රීතියක් නොදන්න ඒකාධිපතියකුව සිටි බව මහින්ද පිලිගනී

Published in පුවත්
Tuesday, 21 April 2015 08:10

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබියදී විපක්ෂයේ පුද්ගලයකු ආණ්ඩුවට ගෙන කැබිනට් ඇමැති පදවියක් ප්‍රධානය කර විපක්ෂ ඡන්දදායක කොටස්වල සහය තමා වෙත ලබා ගැනීමට උත්සහ කිරීම ඡන්ද අල්ලසක් බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අපූර්ව ප්‍රකාශයක් සිදු කර තිබේ.

මේ අනුව ඔහු රටේ නීතිය කුමක්දැයි නොදන්නා බව පෙන්වා ඇති අතර තමා දැරූ ඒකාධිපති විධායක ජනාධිපති ධුරයෙන් තමන්ට හිතෙන හිතෙන දේ සිදු කළ හැකි බව ඔහු සිතා සිටි බවත් හෙළි කර තිබේ.

මේ ඔහුගේ මුග්ධ ප්‍රකාශයයි

'මට අල්ලස්‌ හා දුෂණ කොමිසමට එන්න කියලා තියෙන්නේ මොකද කියලා බැලුවා. බැලින්නම් රටේ ජනාධිපතිවරයා විදිහට සිටියදී තිස්‌ස අත්තනායක මහතාට කැබිනට්‌ ඇමැතිකමක්‌ දීම තමයි චෝදනාව. රටේ ජනාධිපතිට කැබිනට්‌ ඇමැතිකමක්‌ දෙන්න බැරිනම් ඒක අල්ලසක්‌ කියලා හිතනවානම් මොකක්‌ද රටේ තත්ත්වය.'

හිටපු ජනාධිපතිවරයා මේ බැව් පැවසුවේ පෙරේදා (19 දා) හම්බෙගමුව පුරාණ රජමහා විහාරස්‌ථානයේදී පැවති බෝධිපූජා පිංකමකට සහභාගි වෙමිනි. එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

'මේ පළිගැනීම් මට නම් විහිළුවක්‌. රටේ ව්‍යවස්‌ථාව අනුව ජනාධිපති මැතිවරණය ඉවරවෙලා අනෙක්‌ කෙනා දිවුරුම් දෙනතුරු නායකයා ජනාධිපති. දැන් අපට බලන්න වෙලා තියෙන්නෙ ප්‍රශ්න කිරීම් පළිගැනීම් වැනි විහිළු.

මම ඉතිං බෝධි පූජාවේ බලයෙන් ඔවුන්ගේ හිත්වල තියෙන ක්‍රෝධය වෛරය නැති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.'

වරද කරුවකුගෙන් ප්‍රශ්න කිරීමත් වරදක් නැතිනම් පළිගැනීමක් බව හිටපු ජනාධිපතිවරයා පවසන්නේ තමන්ව ප්‍රශ්න කිරීමට ලක්වන විටදීය.

එහෙත් ඔහුගේ පාලන සමය තුලදී චෝදනා ලක්වූවන්ට එරෙහිව නීතියේ පිළිසරණවත් ලබා ගැනීමට ඔහු අවස්ථාව ලබා දුන්නේ නැත. මුළු මහත් අධිකරණ පද්ධතියත් පොලිසියත් ඔහුගේ නියෝග මත ක්‍රියාත්මක වූවා හැර එම ආයතනවලට ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාවවත් හිමිකර දී තිබුණේ නැත.

එමෙන්ම ඔහුට එරෙහිව වචනයක කතා කිරීමට මෙරට කිසිවකුට අවසර තිබුණේ නැත. මාධවේදීන් පවා මරා දැමීමට අතුරුදහන් කිරීමට ලක් කෙරුණේය.

Last modified on Tuesday, 21 April 2015 08:20

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us