ඇයි හොරු අල්ලන්න දෙන්නේ නැත්තේ?

Published in පුවත්
Monday, 20 April 2015 16:29

පරාජිත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව අල්ලස් හෝ දූෂණ විමර්ශන කමි‍ටුවට කැඳවීම ගැන මහත් කළබලයක් හට ගෙන ඇත.

දේශපාලන වශයෙන් මෙන්ම පෞද්ගලික පැවැත්මෙන්ද අවතැන් වී සිටින මන්ත්‍රීවරු කණ්ඩායමක් අද පාර්ලිමේන්තු සභා ගර්බය තුල බිම වාඩි වී මහින්දව අල්ලස් කොමිසමට කැඳවීම ගැන විරෝධය පල කරමින් තිබේ.

මේ විරෝධයට හේතුව කුමක්ද ? මහින්දව අල්ලස් කොමිසමට කැඳවීම වරදක් වන්නේ කෙසේද? එය නීති විරෝධීද ? සදාචාර විරෝධීද ?

යම් අපරාධ චෝදනාවක් එල්ල වූවකු, යුක්තිය පසිඳලීමට සිටින්නන් විසින් චෝදනා ඔප්පු කරන තුරු වරදකරුවකු වන්නේ නැත. මහින්ද රාජපක්ෂ පසුකරමින් සිටින්නේද ඒ අවධිය වන අතර ඊට මුහුණ දීමට තරම් ශක්තියක් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී ව්‍යාපාරය පැරදවූ නායකයාට නොමැතිවීම මොන අභග්‍යයක් දැයි පැහැදිලි නැත. ඒ තබා ඇමරිකාවට යුද ප්‍රකාශ කළ අවසේස නායකයන් අල්ලස් කොමිසම හමුවේ මෙතරම් බීරාන්ත වී ඇති ප්‍රමාණය පුදුම සහගතය.

කෙසේ වෙතත් වත්මන් යහපාලන පාලන ක්‍රමවේදය විහිළුවට ලක්කරන මහින්දවාදීන් මේ දිනවල නඟන ප්‍රශ්නය නම් 'කෝ හොරු ඇල්ලුවාද ? 'යන්නය.

මේ සිදුවෙමින් පවතින දේ අනුව අපට මහින්දවාදීන්ගෙන් අසන්නට වන්නේ 'ඇයි හොරු අල්ලන්න දෙන්නේ නැත්තේ? "යනුවෙනි.

දැන් හොරු අල්ලන මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් පවතී, ඒ බව මහින්දවාදීන් අන් හැමෝටම වඩා දැනුවත් භාවයකින් සිටින බව පැහැදිලිය. මේ විරෝධතා ඒ නිසා පැන නැ‍ඟෙන ඒවා මිස වෙනත් තර්කානු කුල භාවයක් එහි නැත.

- ජනතා පාක්ෂිකයා

 

Last modified on Monday, 20 April 2015 16:44

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us