සෝමවංශ නැතුව ජවිපෙට ගමනක් නෑ වගේ Featured

Published in පුවත්
Monday, 20 April 2015 07:55

අප්‍රේල් විරු සමරු උත්සව කිහිපයකට සහභාගි වීමට විදෙස් ගත වී සිටින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (20දා) දිවයිනට පැමිණි පසු ජවිපෙන් ඉවත් වූ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා යළි පක්ෂයට එකතු කර ගැනීම පිළිබඳ සාකච්ඡා පුළුල් මට්ටමකට ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

අමරසිංහ මහතා පක්ෂයෙන් ඉවත් වූ පසුගිය 16 වැනිදා සිට ඔහු යළි පක්ෂයට එකතු කර ගැනීමට විවිධ මට්ටමින් සාකච්ඡා පැවැත්වූ බවත් පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා මෙරටට පැමිණි පසු එම සාකච්ඡා පුළුල් මට්ටමකට ගෙන එන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසීය.

ඔහු එසේ සඳහන් කෙළේ එම පක්ෂ මූලස්ථානයේදී ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. සෝමවංශ අමරසිංහ මහතා ජවිපෙන් ඉවත් වීම පිළිබඳ මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී ටිල්වින් සිල්වා මහතා පැවැසුවේ සෝමවංශ අමරසිංහ මහතා ජවිපෙන් ඉවත් වූයේ පක්ෂයේ ගැටලුවක් හෝ අර්බුදයක් නිසා නොව අතිශයින්ම පෞද්ගලික කාරණාවක් පදනම් කරගෙන බවය.

කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මර්ග සඳහන් කරන්නේ පසුගියදා තංගල්ලේ පැවැති අප්‍රේල් විරු සමරුවේදී සෝමවංශ අමරසිංහ මහතාට කතාවක් වෙන් කර නොතිබීම මෙම ගැ‍ටුමේ ආසන්න සිදු වීම ලෙසය. එහිදී අමරසිංහ මහතා උත්සව සභාව අමතා තිබුණේ බලහත්කාරයෙන් බව පැවැසේ.

එමෙන්ම පසු ගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුන රාජපක්ෂ රෙජීමය සම්බන්ධයෙන් කළ වංචා දූෂණ චෝදනා සහ ජනවාරි 08 වන දින සිදුවූවා යැයි කියන බලය පැහැර ගැනීමේ කුමන්ත්‍රණය ගැන ප්‍රමාණවත් තරමින් ජවිපෙ මැදිහත් නොවීම ගැන ඔහු කනස්සල්ලෙන් පසුව තිබේ.

මේ වන විට ජවිපෙ අමරසිංහ මහතාව යළි පක්ෂයට සම්බන්ධ කර ගැනීම සඳහා දැඩි උත්සහයක් ගනිමින් සිටී. පක්ෂයේ නිර්මාර්තෘ රෝහන විජේවීර සමඟ සෘජුව ගණු දෙනු කළ එකම නායකයා අමරසිංහ මහතා වන අතර එය එදා ජවිපෙ හා වත්මන් ජවිපෙ අතර එකම ඇමුණුමද එය වේ. එම නිසා ඔහුව ජවිපෙ තුල රඳවා ගැනීම ජවිපෙට අතිශය වැදගත්ය.

එමෙන්ම අමරසිංහ මහතා ඉවත්ව යෑම තුල 1989 දී පක්ෂය විනාශ වීමෙන් අනතුරුව යළි එම පක්ෂය ගොඩ නැඟීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කළ පක්ෂ ප්‍රමුඛ සාමාජිකයන් කිසිවකුත් පක්ෂයේ නොමැති වීම විශේෂ තත්වයකි.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us