බැඳුම්කර අක්‍රමිකතාවය රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හා ලංකා බැංකුව මත පැටවේ

Published in පුවත්
Sunday, 19 April 2015 21:43

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවට මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සෘජු දායකත්වයක් දක්වා ඇති බවට සාක්‍ෂි අනාවරණය වී නැතැයි ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට පත් කළ කමිටුව නිගමනය කොට තිබේ.

බැඳුම්කර නිකුතුවට ලංසු භාරගැනීමේ සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියට අධිපතිවරයා සම්බන්ධ වූ බවට සාක්‍ෂි නැති බව කමිටුවේ නිගමනය වී ඇතැයි ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

කෙසේ නමුත් රජයේ දේශීය සහ විදේශීය ණය සම්බන්ධ සියලු කාර්යයන් මෙහෙයවන රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳව විධිමත් අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු බවද ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්ගෙන් සමන්විත කමිටුව නිර්දේශ කොට තිබේ.

ලංකා බැංකුව

වසර තිහක් සඳහා වන රුපියල් බිලියන දහයක බැඳුම්කර නිකුත් කිරීමේදී බරපතල වංචාවක් සිදු කළ බවට මහ බැංකු අධිපතිවරයාට චෝදනා එල්ලවීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් නීතිඥ ගාමිණි පිටිපන ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව පත් කරනු ලැබුණි.

නීතිඥ මහේෂ් කළුගම්පිටිය සහ නීතිඥ චන්දිමාල් මෙන්ඩිස් එහි අනෙක් සාමාජිකයන් දෙදෙනායි.
"මූල්‍ය මණ්ඩල ලඝු සටහන් 4/2015 යටතේ වසර 30ක බැඳුම්කර නිකුතුවක් ගැන සඳහන් කළත්, එහි ප්‍රමාණය පිළිබඳව මහ බැංකු අධිපතිවරයා සභාපතිත්වය දරන එම මණ්ඩලය තීරණය කොට නැත. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කාර්යාවලියට අනුව එම කාර්යය භාරව ඇත්තේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවටයි. අගය ඉක්මවා ලංසු භාරගැනීමට අදාළ තීරණය ගෙන ඇත්තේ පුද්ගලයන් අට දෙනෙකුගෙන් සමන්විත ටෙන්ඩර් මණ්ඩලයයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා මෙම ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයෙකු නොවේ" යනුවෙන් කමිටු වාර්තාව සඳහන් කොට ඇති බවයි, අමාත්‍යංශ නිවේදනයේ දැක්වෙන්නේ.

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හෝ ටෙන්ඩර් මණ්ඩලයේ කටයුතු වලට මහ බැංකු අධිපතිවරයා කිසිදු සෘජු මැදිහත්වීමක් කළ බවට සාක්ෂි නැතැයි යන්න කමිටුවේ නිගමනය වී තිබේ.

කෙසේ වෙතත් වසර තිහක බැඳුම්කර නිකුතුව සඳහා පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ඉදිරිපත් කොට ඇති අසාමාන්‍ය වශයෙන් විශාල ලංසු වලට අදාළව ලංකා බැංකුව කටයුතු කළ ආකාරයේ බරපතළ අඩුලුහුඬුකම් පවතින බව කමිටුව ප්‍රකාශ කොට තිබේ.

පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මේ සඳහා ලංසු ඉදිරිපත් කළ ආකාරය අසාමාන්‍ය බවත් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශනයක් අවශ්‍ය බවත් ත්‍රිපුද්ගල කමිටුවේ තවත් නිර්දේශයක්.

වසර තිහක බැඳුම්කර නිකුතුවට අදාළව අති විශාල මුදල් සම්භාරයක් අවදානම් සහගත තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ලංකා බැංකුව අධිකරණමය විගණනයක් පැවැත්විය යුතු බවත් සිය ප්‍රධාන අලෙවිකරුගෙන් (Chief Dealer) කරුණු විමසිය යුතු බවත් කමිටුව නිර්දේශ කොට තිබේ.

 

- bbc

Last modified on Sunday, 19 April 2015 23:31

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us