මහින්ද, ගෝඨා අල්ලස් කොමිසමට

Published in පුවත්
Sunday, 19 April 2015 20:03

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබන 24 වැනිදාත් ඔහුගේ සොයුරු හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ 22 වැනිදාත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කැඳවා ඇත. 

නොවැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කර තිබියදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හා මහ ලේකම් තිස්ස අත්තනායකට සෞඛ්‍ය ඇමැති ලෙස පත්කිරීම මහින්ද රාජපක්ෂ විසින් ලබා දුන් ඡන්ද අල්ලසක් බව නීතිවේදීහු කියති.

ගාලු වරායේ පාවෙන අවි නැවේද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේද තිබී සොයාගත් අවි සම්බන්ධයෙන් ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපතිගේ සම්බන්ධය ගැන ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

මේ අතර බැසිල් රාජපක්ෂ ලබන 21 වැනිදා ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතඅතර ඔහුට එරෙහිව ඇති චෝදනාවලට පිළිතුරු බැඳීමට ඔහු සුදානමින් පසුවන බව වාර්තාවිය.


හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග විදුලි සංදේශ නියාමන කොමිසමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ලබන 21 වැනිදා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් දීමටද නියමිතය.

ලබන සතිය වන විට ගිය ආණ්ඩුවේ ප්‍රබලයන් 6දෙනකු පමණ ප්‍රශ්න කිරීමට හෝ අත් අඩංගුවට ගැනීමට නියමිත බව රජයේ ආරංචි කියයි.

Last modified on Sunday, 19 April 2015 20:06

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us