මහින්දට පීකොක් මන්දිරයේ දොර වැහෙයි !

Published in පුවත්
Sunday, 19 April 2015 15:57

පරාජිත, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය කොළඹ නිවස්නය හා දේශපාලන මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස භාවිතා කිරීමට සැලසුම් කර තිබු පීකොක් මන්දිරය ඔහුට නොලැබෙන බව එහි හිමිකරු ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතාට සමීප ආරංචි මාර්ග පවසයි.

හෙට දිනයේදී මෙහි ගෙවදීම සඳහා නැකත් බලා සියළු කටයුතු මහින්ද රාජපක්ෂ විසින් සූදානම් කර තිබිණි. මෙහිදී මාධ්‍යවේදීන් කැඳවා දේශපාලන සංදර්ශනයක් පැවැත්වීමටද ඔහු සූදානමින් පසුවිය. පසුගියදා ඉන්දියානු ජෝතිෂ්‍යවේදීන්ගේ උපදෙස් පරිදි මෙම ගොඩනැගිල්ලේ හා ඉඩමේ වෙනස්කම් රාශියක්ද සිදු කෙරිණි. එහෙත් අද උදෑසන ලියනගේ මහතා පැමිණ නිවසේ අලුත්වැඩියා හා සැරසිලි කරමින් සිටි පුද්ගලයන්ව පිටත් කර නිවසේ දොරඟුලු දා තිබේ. ඔහු ඔවුන්ට පවසා ඇත්තේ නිවස පැවැරීම සිදු නොවන බැවින් ඒ කටයුතු නැවැත් වියයුතු බවය.

මීට නිශ්චිත හේතුව දැන ගැනීමට නැතත්, මහින්ද රාජපක්ෂ මහතාට මෙම නිවස ලබාදීම සඳහා අදාල නීතිමය ලියලිවි අත්සන් කිරීම මඟහැරීම මෙයට හේතුව බව එම ආරචි මාර්ග සඳහන් කරයි. එහෙත් හෙට දිනයේදී මුදල් අක්‍රමිකතාවයක් ගැන ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ලියන්ගේ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම හේතුවෙන්, ඔහුට වත්මන් ආණ්ඩුවෙන් බලපෑම් එල්ල වීම නිසා ඔහු මෙම තීරණය ගෙන ඇති බව රාජපක්ෂ හිතවතුන් ප්‍රචාරයක් ගෙන යාමට සූදානමින් පසුවන බවත් වාර්තාවේ. මුදල් විශුද්ධිකරන පනත යටතේ වූ වරදක් සම්බන්ධයෙන් ලියනගේ මහතාට චෝදනා එල්ලවී තිබේ.

Last modified on Sunday, 19 April 2015 15:57

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us