රාජ්‍ය සේවා කොමිසමේ නිලධාරීන් හා මහජන පෙත්සම් කාරක සභාව එකට එකතු වී අවශ්‍ය පියවර ගෙන ඇති බවත් එම සාකච්ඡාවට නොපැමිණි ප්‍රේමදාස මහතා ප්‍රචාරණයට කරුණු ඉදිරිපත් නොකළ යුතු බවත් කීය.
මේ සාකච්ඡාවට සහභාගී නොවීම ගැන ප්‍රේමදාස මහතාට කනගාටුව පළ කළ කතානායකවරයා මහජන පෙත්සම් කාරක සභාවේ නියෝග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගත් බවත් කාරණය විසඳුවාට පසු ප්‍රචාරයක් ලබාගන්න කටයුතු නොකළ යුතු බවත් කීවේය.
කතානායකවරයා මේ බව කීවේ සභාව ඊයේ (23) පැවැති අවස්ථාවේ රීති ප්‍රශ්නයක් මතු කරමින් මහජන පෙත්සම් කාරක සභාවේ නියෝග ක්‍රියාත්මක නොවන බවට ප්‍රේමදාස මහතා කරුණු කියන්නට යාම නිසාය.