ඔහු මේ බව පවසා සිටියේ ඇහැලේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයට සහභාගි වෙමිනි.
වැඩිදුටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ සිනමා පිටපත් සීමා කිරීම තුලින් දුර බැහැර ප්‍රදේශ වල යන්තම් පණ ගැට ගහගෙන තිබෙන සිනමා ශාලා වැසි යන බවත් ඒ පැති වල ගොඩ නැගිලා තියෙන රසිකත්වය නැතිවී යන බවත්ය.
රසිකයින්ට සමීප වෙන ඔවුන්ගේ හදවත් දිනාගනිමින් කලාත්මක වටිනාකමක් ඇති නිර්මාණ කරන්න පුළුවන් නිර්මාණ කරුවොත් අපේ ඇති බවත් එහෙත් ලංකාවේ එවැනි කලාකරුවෙක් වෙන එකත් අවාසනාවක් යැයි ඔහු පවසයි.
මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් චිත්‍රපට සංස්ථාවට, අමාත්‍යංශ ලේකම්ට, ඇමැතිතුමාට පැවසුවද විසඳුමක් නොලැබුණ හෙයින් මෙම ගැටළුව ජනාධිතුමා දක්වා ගෙන ගිය බවද ඔහු පෙන්වා දුනේය. එහෙත් ඉන්ද පළක් නොවුන බවත් මෙම ගැටළුව ජනාධිපති තුමාට වඩා ප්‍රබල සාමාන්‍ය ජනතාවට ඉදිරිපත් කිරීමට සිනමාකරුවන් බලාපොරොත්තු වන බවද ඔහු පවසයි.