වෛද්‍ය රංජනී ගමගේට එරෙහිව නඩුකීමට යයි

Published in පුවත්
Thursday, 24 July 2014 12:03

වෛද්‍ය රංජනී ගමගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අපහාස වන අයුරින් සිදුකළ මාධ්‍ය ප්‍රකාශය සම්බන්ධව නීති මගින් කටයුතු කිරිමට එම සංගමය තීරණය කර ඇත.

එම සංගමයේ මාධ්‍ය අනුකමිටුවේ වෛද්‍ය චන්දන එපිටකටුව මහතා නිකුත්කළ නිවේදනයක එබව සඳහන්වේ.

එම නිවේදනය පහත පළවේ.

අප සංගමයේ භාරකරුවන් කටයුතු කළ යුත්තේ මධ්‍යම කාරක සභාවේ තීරණවලට අනුව මිස අත්තනෝමතිකව නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ව්‍යාවස්ථාවේ පැහැදිලිව දක්වා ඇත. ඒ අනුව මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර ඇත්තේ සංගමයට අපහාස කළ සියලු දෙනාට විරුද්ධව විනයානුකූල පියවර ගැනීමයි.

වෛද්‍ය රංජනී ගමගේ රජයේ තනතුරු කිහිපයක් දරන නිසා ඇයගේ අපහාසාත්මක ප්‍රකාශය රජයේ ස්ථාවරය ලෙස වැරදි චිත්‍රයක් හුවා දැක්වීමට ඉඩ ඇත. රජය මානව හිමිකම් චෝදනාවලට ලක් වූ අවස්ථාවක ප්‍රබල වෘත්තීය සමිතිවල ප්‍රජාතන්ත්‍රවාදී තීරණවලට රජයේ බලපෑම් එල්ල කරන බවට චෝදනා ලැබීමට මෙම වෛද්‍යවරියගේ හැසිරීම හේතුවිය හැක.

එපමණක් නොව ඇයගේ වගකීමකින් තොර අපහසාත්මක ප්‍රකාශ නිසා ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණවලදි ද රජයට අවාසිදායක වීමට හේතු වනු ඇත. එම නිසා සාමාජිකත්වයෙන් 95% ඉක්ම වූ අතිබහුතරය වෙනුවෙන් අප අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මෙම වෛද්‍යවරියගේ වගකීමෙන් තොර ක්‍රියාකාලපය පිළිබඳ විනයානුකූලව කටයුතු කරන ලෙසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට විරුද්ධව, සද්භාවයෙන් තොරව, කුමන්ත්‍රණකාරී සහ ද්වේශසහගත ලෙස වෛද්‍යවරු සුලු පිරිසක් ක්‍රියකරන බවට කොළඹ දිසා අධිකරණය 114/13 නඩු තීන්දුව මගින් ප්‍රකාශයට පත් කර ඇත. අප මීට පෙර පැවසුවේ ද සත්‍යය කවදා හෝ ජය ගන්නා බවයි.

අප සංගමයේ ව්‍යවස්ථාව අනුව සංගමය විනාශ කරන්නන් ලෙස තීන්දු වූ සාමාජිකයන්ගේ සාමාජිකත්වය අහෝසි කළ හැක. මේ අනුව සංගමය තුළ රැඳී සිටිමින් සංගමයට හානි කරන මෙම වෛද්‍යවරු කිහිප දෙනාට එසේ කිරීමට හැකි අවසන් කඩාකප්පල් ක්‍රියාව මෙය වනු ඇත. මේ අනුව මෙම පිරිසට මින් ඉදිරියේ දී සංගමයේ සාමාජිකයින් ලෙස පෙනී සිටිමින්, සංගමයේ විනාශය වෙනුවෙන් කටයුතු කිරීමට ඇති හැකියාව සම්පූර්ණයෙන් අහෝසි වී යනු ඇත.''

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us