ඉහත කී ඩැට් දීමනාව මෙම මස වැටුපට එක් කර ගෙවීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා එකඟ වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පෙරේදා (30 දා) සිය බලමණ්ඩලය වෙත දැනුම් දුන් බව හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.
මෙම එකඟත්වය අද (02 දා) දිනයේදී ලිඛිතව ලබාදීමට බලධාරීන් විසින් පොරොන්දු වී ඇතැයි එම බල මණ්ඩලයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවැසීය.