ෆුල් ‍‍ෆේස් හෙල්මට් තහනම කල් යයි

Published in පුවත්
Thursday, 02 April 2015 07:54

යතුරුපැදි කරුවන්ට සම්පූර්ණ මුහුණු ආවරණය වන (ෆුල් ‍ෆේස්) හෙල්මට් භාවිත කිරීම තහනම් කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.කෙසේ නමුත් ඊයේ පොලිස් රථවාහන අංශය ප්‍රකාශ කළේ ඒ මාසයකට කල් දැමූ බවය.


අද (02) සිට ක්‍රියාත්මක වීමට නියමිත එම ෆුල් ෆේස් හෙල්මට් තහනම හෝ ඒ සම්බන්ධ කිසිදු පියවරක් ගැනීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි එම පෙත්සම මඟින් ඉල්ලා තිබේ. කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි වරලත් ගණකාධිකාරීවරයකු වන චානක ද සනායක විසින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබේ.

පොලිස්පතිවරයා, මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග, ප්‍රවාහන ඇමැතිවරයා සහ නීතිපතිවරයා මෙහි වගඋත්තර කරුවන් වේ.

ඉකුත් මාර්තු මස දෙවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ෆුල්ෆේස් හෙල්මට් තහනම් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා විසින් ප්‍රකාශ කර තිබුණ නමුත් එය පසුව ඉවත් කර ගන්නා ලදී. එම තහනම අප්‍රේල් 02 සිට නැවත ක්‍රියාත්මක කිරීමට පසුව තීරණය කර ඇත.

මෝටර් රථ ආඥා පනත අනුව ෆුල් ‍ෆේස් හෙල්මට් භාවිත කළ නොහැකි බව සඳහන් ‍නොවන අතර එය යතුරු පැදි කරුවන්ගේ ආරක්ෂාව සඳහා භාවිත කරන බව පෙත්සමේ සඳහන් වේ. එම හෙල්මට් පැල ද විවිධ අපරාධ කරන බව පවසමින් මේ තහනම පැනවීම අසාධාරණ බව පෙත්සමේ සඳහන් වේ. එම අපරාධ මැඬලීම සඳහා වෙනත් පියවර ගත යුතු බව පෙත්සම්කරු සඳහන් කරයි.

මේ පෙත්සම අද (02) සලකා බැලීමට නියමිතය.

Last modified on Thursday, 02 April 2015 08:11

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us