කැටපත් පවුර කුරු‍ටු ගෑ තරුණිය නිදහස් Featured

Published in පුවත්
Thursday, 02 April 2015 07:49

සීගිරියේ කැටපත් පවුර කුරුටු ගෑ තරුණියට ඊයේ (01) සිට නිදහස ලබාදීමට රජය තීරණය කර තිබේ.

මෙම තරුණිය විසින් සීගිරියේ කැටපත් පවුරේ කුරුටු ගෑමේ චෝදනාව මත දෙවසරක සිර දඬුවම් නියම කර තිබිණි. මැය මෙය නොදැනුවත්ව සිදු කළ බව සඳහන් කරමින් ඇයට නිදහස ලබා දෙන්න යයි ඉල්ලා ඇයගේ ඥාතින් සහ තවත් සංවිධාන රාශියක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.

මේ අනුව ජනාධිපතිවරයාට ලැබුණු එම ඉල්ලීම් සියල්ල අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබුණු අතර ඇයව නිදහස් කිරීමේ ලියවිල්ලට ඊයේ (01) අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා විසින් අත්සන් තැබිණි. ඇය නිදහස් කිරීමට අවසරය දුන් බව විජයදාස රාජපක්ෂ මහතා දිනමිණට පැවසීය. මෙසේ නිදහස හිමිවූයේ මඩකලපුව සිත්තන්ඩි ප්‍රදේශයේ පදිංචි සින්නතම්බි උදේනි (27) නමැති තරුණියකට ය.

ඇය පෙබරවාරි 14 ලෝක පෙම්වතුන්ගේ දිනයදා සිය හිතෛශියකුගේ නමක් කොණ්ඩකට්ටකින් කැටපත් පවුරේ සටහන්කර තිබිණි.

 

 

 

Last modified on Thursday, 02 April 2015 07:50

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us