ජනවරමට ගරු කරනු! – පුරවැසි බලය යලි පාරට

Published in පුවත්
Friday, 27 March 2015 15:36

ජනාධිපතිවරණයේදී ප්‍රකාශ කළ අන්දමට ජනතාවට දුන් පොරොන්දු ඉටුකර බවක් වත්මන් රජයේ පෙනෙන්නට නැති බැවින් තමා නැවත ජනතාව සමග රජයට ඒ බැව් සිහි කර දීමට පියවර ගැනීමට තීරණය කළ බව පුරවැසි බලය පවසයි.

එහි පළමු පියවර ලෙස ‘ජනවරමට ගරු කරනු!‘ මැයෙන් අප්‍රෙල් පළමුවැනිදා දැවැන්ද විරෝධතාවකි කොළඹින් ආරම්භ කෙරෙන බවයි පුරවැසි බලය සංවිධානය පවසන්නේ.

විධායකය අහෝසි කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට පොරොන්දුවක් දී ඇති බව පෙන්වාදෙන ගාමිණී වියන්ගොඩ මහතා පවසන්නේ මේ වන විට රජය ජනතා අභිලාෂයන් පසෙක දා ක්‍රියා කරන බවයි.

යුද්ධය ජයග්‍රහණය කිරීම සදහා විධායක ජනාධිපති ක්‍රමය තමයි මූලික උනේ යන තර්කය සැලකීමේදී ලෝක ඉතිහාසයේ පාර්ලිමේන්තුව ප්‍රමුඛ අගමැතිධුරය පමණක් ඇතිව ලබාගත් යුධ ජයග්‍රහණොවලට සාධක ප්‍රමාණවත් තරම් ඇති බැවින් එම තර්තය පිළිගත නොහැකි බවයි ගාමිණි වියන්ගොඩ මහතා මෙහිදී සදහන් කළේ.

දෙවන ලොක යුද්ධයට නායකත්වය දුන්නේ බ්‍රිතාන්‍ය අගමැතිවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුව බවත්, ළගම උදාහරණය ලෙස ඉන්දියාවේ බෙදුම්වාදය පාලනය කරන්නේද පාර්ලිමේන්තු ක්‍රමය තුලින් බවයි වියන්ගොඩ මහතාගේ අදහස වී ඇත්තේ.

එසේම ඒකාධිපති ක්‍රමය තුළ රාජ්‍ය ඉතා ශක්තිමත් බව පවසන වියන්ගොඩ මහතා පෙන්වා දෙන්නේ අපට අවශ්‍යව ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ ලැබෙන රාජ්‍යක් බවයි.

විධායකය අහෝසි කරනවා වෙනුවට දැන් එහි බලතල අඩු කරන බවක් වත්මන් ආණ්ඩුව මෙන්ම එහි පාර්ශ්ව කරුවන් ද ප්‍රකාශ කර සිටින බවත්, ජනතාවට ජාතික ආරක්ෂාව නැමැති බිල්ලා මවාපාමින් අත්තනෝමතික බලතල සහිත විධායකය රැක ගැනීමට උත්සාහ දරන බවත් පෙන්වා දෙන්නේ උපුල් ශාන්ත සන්නස්ගල මහතායි.

ඔහු කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයා තම ධුර කාලය වූ වසර 6ද 5 දක්වා අඩු කරමින්, වරප්‍රසාදද කප්පාදු කරමින් එහි ඇලී ගැලී කටයුතු නොකරන බව ජනතාවට පසක්කර ඇති සුබවාදී අවස්ථාවක අනාගතයේ මෙම අසුන හිමිකරගන්නට සිහින දකිනවුන් විසින් විධායකය වෙනස් කිරීම වලක්වාලමින් සිටින බවයි.

‘‘අනාගතයේ පැමිණීමට සිටින අනාගත සිහින කුමාරයන්ට නෙමෙයි අපි චන්දෙ දුන්නේ. ජනාධිපතිවරයා කියද්දි එපා කියලා ඇයි අපි අනාගතයේ එන්න ඉන්න සිහින කුමාරයෙක්ට ඔනැ විදියට කටයුතු කරන්නේ‘‘ යන්න සන්නස්ගල මහතාගේ මතයයි.

ජාතික රූපවාහිනියේ පසුගියදා පැවැති ‘සුළගට පසු‘ කාලීන සංවාද මණ්ඩපයේදී මේ අදහස් ඉදිරිපත් කෙරිණි.

- lankaherald

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us