අන්තර්ජාලයෙන් මෛත්‍රීට මඩ ගැසූ පුද්ගලයා රිමාන්ඩ් Featured

Published in පුවත්
Saturday, 28 March 2015 08:06

ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට මඩ ගැසීමේ චේතනාවෙන් “මේ සැරේ මගේ ඡන්දෙත් මහින්ද රාජපක්ෂට” යනුවෙන් සටහන් කැර අසත්‍ය තොරතුරු හා ඡායාරූප අන්තර්ජාල ෆේස්බුක් ගිණුම් වෙත යොමුකළ බදුල්ලේ පුද්ගලයකු ලබන 1 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කෙළේය.

බදුල්ලේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ සුජිත් නිලන්ත නමැති මේ සැකකරු නේපාලයේ සිට මෙරටට පැමිණීමේදී පසුගිය 25 වැනි දින රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ජනාධිපතිවරණය පැවැති ජනවාරි 8 වැනි දිනට පෙර අසත්‍ය තොරතුරු හා ඡායාරූප අන්තර්ජාල ෆේස්බුක් ගිණුම් වෙත හා මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ නියැළි පුද්ගලයින්ගේ ජංගම දුරකථනවලට ලබා දී 1995 අංක 22 දරන පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය ප්‍රකාරව ජනපතිවරණ ඡන්ද විමසීම් පනතේ 80 (1) ඇ වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබීමේ වරදක් කිරීම යන චෝදනා යටතේ සැකකරු මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙළේය.

සැකකරු වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා චෝදනාවේ බරපතළකම පෙන්වා දී ලබන 1 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කෙළේය. 2014 වසරේ කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ පතිරණගේ අනුරාධා ශ්‍යාමලී මහත්මිය කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සුජිත් නිලන්ත සැකකරු ද කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ අයකු බව පැමිණිල්ලේ සඳහන් වේ.

සැකකරු අන්තර්ජාල ෆේස්බුක් ගිණුම් වෙත යොමු කැර ඇති ඡායාරූප ඇමැති ඩිලාන් පෙරේරා මහතා සමඟ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ නියැළි පුද්ගලයකුගේ ෆේස්බුක් ගිණුමට යොමුකැර ඇති අතර එම පුද්ගලයා සාක්ෂිකරුවකු ලෙස නම් කැර ඇත. දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරළ මහතාගේ ෆේස්බුක් ගිණුමේ ද මෙම ඡායාරූප දක්නට තිබී ඇති අතර දැනට එම ඡායාරූප නොමැති බව අතුකෝරළ මහතා සාක්ෂි ලබා දී ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශ අනුරාධපුර ශාඛාවේ පොදු සහකාරවරයකුගේ හා පොදු සහකාරවරියක්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පරිගණක උපදේශකවරයකු නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කැර ඇත. සැකකරු පැමිණිලිකාරිය හා කොරියාවේ තානාපති කාර්යාලයේ සේවය කිරීමේදී ඇතිකැර ගත් පුද්ගලික විරසකවීමක් හේතුවෙන් මෙම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට ජනවාරි 21 වැනි දින කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණ ආරම්භ කැර ති‍බිණි.

Last modified on Saturday, 28 March 2015 08:11

Leave a comment

 

ld add copy

Gossip

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.   

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.  

අද සවස මහව පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියක දී ඔහු පවසා සිටියේ අද දින පැවැති තැපැල් ඡන්...

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර බරපතල මත ගැටුමක...

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

මේ වන විටත් සජිත් ප්‍රේමදාසව යට කරගෙන පාඨලී චම්පික සජබය තුළ බලවත් වී ඇති බව, සජබයේ කුරුණෑගල පළමු ‍රැ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us