පළාත් පාලන ආයතන 234ක ආයුෂ මැයි 15 දක්වා දීර්ඝවේ

Published in පුවත්
Saturday, 28 March 2015 08:14

මේ මස 31 දින අවසන් වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන 234 ක නිල කාලය මැයි මස 15 වැනිදා අවසන් වන ලෙස දීර්ඝ කැර ඇති බව ආණ්ඩුව පවසයි.මේ ආයතන 234ට මහ නගර සභා 3 ක් ද, නගර සභා 30ක් ද ප්‍රාදේශීය සභා 201ක් ද ඇතුළත් වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේන මහතා රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන ඇමැති කරු ජයසූරිය මහතා වෙත ලබා දුන් උපදෙස් මත රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ. දඩල්ලගේ මහතා අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පළාත් පාලන ධුර කාලය දීර්ඝ කරන ලෙස නිවේදනයක් මගින් ඉල්ලා තිබුණි.

කෙසේ නමුත් පළාත් පාලන මැතිවරණය යෝජිත නව මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතු බවට නව පාර්ලිමේන්තු සම්මතයක් පැවැතීමත් ඒ සඳහා වන අත්‍යාවශ්‍ය වෙනස්කිරීම් මේ දක්වා සිදු නොවීමත් මීට හේතුවී ඇතැයිද වාර්තාවේ.

Last modified on Saturday, 28 March 2015 08:39

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us